Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

563,062

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

Nov 09


මෙරට මිනිසුන් තමන්ට මුහුණදීමට සිදුවන බොහෝ ගැටළුවලට නොපෙනෙන බලවේග පසුපස ගොස් පිහිට පැතීමට පුරුදුව සිටිනවා.ඒ හේතුවෙන් මේ වනවිට රට පුරා හතු පිපෙන්නා සේ විවිධ නම්වලින්, දේවගැතිවරුන්, කපුවන්, ආදීන් පුවත්පත් පිටු හරහා කල එළි බැස තිබෙනවා.

අපට හමුවු එක් කපු මහතෙක් පුවත්පතක කලාප දෙකක නම් දෙකකින් පෙනී සිටියා.






 
වෙද මහතෙකු හා කපු මහතෙකු ලෙස නම් දෙකකින් පෙනී සිටියත් පුවත්පත්වල දක්වා තිබුනේ එකම ලිපිනයන්.ගුරුකමක් කර ගැනීමට අවැසි බව පවසා අප ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා.

හිරු නිව්ස්:- අපේ ගෙවල් ලග ගෑනු කෙනෙක් ඉන්නවා.හමුදාවෙ කෙනෙක් බැදලා.ළමයෙකුත් ඉන්නවා.මම නම් බැදලා නෑ.එයාව මගේ පැත්තට හරව ගන්නයි ඕන.

කපු මහතා :- පුළුවන් බඩුවලට යනවා 3,200 ක්.
 ඒ අනුව අදාල මුදල රැගෙන අප ඔහුව මුණගැසීමට ගලේවෙල ප්‍රදේශයට ලගා වුණා. වයස අවුරුදු 2 ක දරුවෙකු ද සිටිනා පවුලක් කඩා දැමීමට ඔහු පැවසුවේ ඉතා සුළු කටයුත්තක් බවයි.

හිරු නිව්ස්:- මේ දෙන්නා තමයි එකතු වෙලා ඉන්නෙ.මේ පුතාට අවුරුදු 2 යි.මගේ පැත්තට ගන්න ඕන ගෑණුකෙනාව.

කපු මහතා :- පුළුවනං වන්දි ඉල්ලන් නෑ භයවෙන්න එපා.

හිරු නිව්ස්:- බබාව එපා කරවන්න පුළුවන් ද ?

කපු මහතා :-  පුළුවං හිතෙං අයින් කරන්නෙ.බබාව මෙයාට එතකොට බබාව පේන්න බැරිව යනවා.

හිරු නිව්ස්:- පවක් වෙන් නැද්ද ?

කපු මහතා :-  දෙයි හාමුදුරුවංගෙ පිහිටෙං එහෙම වෙන්නෙ නෑ.

මොහු පවසන පරිදි ඉතා සුළු කටයුත්තක් වන පවුල් කඩා ඉහිරවීමේ ක්‍රමය සාර්ථක එකක් දැයි අප මොහුගෙන් විමසා සිටි පැනයට ඔහු ලබාදුන් අපුරු පිළිතුරයි මේ.
හිරු නිව්ස්:-  අනිවාර්යයෙන්ම පිහිටක් තියෙයිද ?

කපු මහතා :-  දෙයි හාමුදුරුවන්ගෙ පිහිටෙන් අපේ තාත්තට බුදුබව අත්වෙන්න පිහිට තියනවා.පරම්පරාවෙන්නෙ කරගෙන එන්නෙ.

හිරු නිව්ස්:-   කාගෙන්ද වැඩකරගන්නෙ ?

කපු මහතා :-   කාළි මෑණියන්ගෙන්.

නීතියෙන් විවාහක යුවලක් වෙන් කිරීමේ ගාස්තුව ලෙස දුරකථනයෙන් අමතන අවස්ථාවේදී මොහු ඉල්ලා සිටියේ රුපියල් 3200 ක් වුවත් මෙහිදී ගාස්තුව ඉහළ දමනවා.

කපු මහතා :-   ඕවා කඩලා, එකතු කරන්න මහත්තයට මුදලක් වියදම් වෙනවා.7000 ක් විතර.සෙනසුරාදා කලොත් දවස් තුනකිං දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි.

ගුරුකම සදහා සියළු මුදල් එකවර ලබාදෙන ලෙස පවසා අප මෙම ස්ථානයෙන් පිටව ගියා.

කපු මහතා :-   මහත්තයා ඇඩ්වාන්ස් එකක් දීලා යනවද ?

හිරු නිව්ස්:-   අපි එකපාර 7000 ම ගෙනත් දෙන්නං.

එම වීඩියෝව පහතින්

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword