
ද්‍රවිඩ ජාතික සන්ධානය එකී විශේෂ කාරක සභාවට සහභාගි නොවන බව ඊයේ නිල වශයෙන් දැනුම්දුන් පසු කොළඹදී අද (30) පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මුසම්මිල් මහතා මේ බව පැවසීය.
ද්‍රවිඩ ජාතික සන්ධානයට අවශ්‍ය මෙම ගැටලුවට විසඳුමක් සෙවීමට වඩා කාලය ගත කරමින් ආණ්ඩුවට චෝදනා කිරීමට බවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය ළමා සොල්දාදුවන් බඳවා ගන්නා විට පවා එම පක්ෂය නිහඬව සිටි බව හෙතෙම පෙන්වාදුන්නේය.නන්දිකඩාල් කළපුවේදී යුද හමුදාව දහස් ගණනක් ද්‍රවිඩ වැසියන්ගේ දිවි බේරා ගනිද්දී, බෙහෙත් පෙත්තකින් වත් උපකාර නොකළ ද්‍රවිඩ ජාතික සන්ධානය අද එම මිනිසුන්ගේ මානව හිමිකම් කඩවූ බව කියමින් විවිධ ප්‍රකාශ පතුරුවන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයත් දිවංගත අෂ්රොෆ් මහතාගේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු නොකර අද ද්‍රවිඩ ජාතික සන්ධානයේ වලිගයක් මෙන් කටයුතු කරන බවටද හෙතෙම චෝදනා කළේය.
ද්‍රවිඩ ජාතික සන්ධානයට, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට, ජනතා විමුක්ති පෙරමුණට මෙම ප්‍රශ්නය විසඳීමට උනන්දුවක් නැති බවත් කාලය නාස්ති කරමින් ආණ්ඩුවට බැන වැදීම ඔවුන්ගේ සිරිත බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
එජාපය 17 වැනි සංශෝධනයක් ගැන කතා කරමින් අනවශ්‍ය තර්ක මතුකරමින් සිටින බවද ආණ්ඩුව වගකීමෙන් යුතුව මෙම ගැටලුව විසඳීමට මැදිහත්වී සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් කීවේය.
Post a Comment