Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

රිය අනතුරුවලින් 1ක් මියගොස් 3ට තුවාලයිනවතා තිබු ලොරියක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි. 

අද (07) අලුයම 1.00 ට පමණ පුත්තලම - කුරුණෑගල මාර්ගයේ කල්අඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ ලුණුවිල උදාසිරිගම, තුම්මෝදර පාර පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ අමිත් සමරවීර (26) නම් අයෙකි. 

අනතුර සිදුවී ඇති ප්‍රදේශයේ වන අලින් ගැවසෙන නිසා ගමන් කිරීමට ඇති අපහසුව හේතුවෙන් ලොරිය මාර්ගයේ නවතා තිබී ඇති බව අප වාර්තාකරු පවසයි. 

එසේ නවතා තිබු ලොරියේ මියගොස් ඇති අය පැමිණි යතුරු පැදිය ගැටී ඇති බව මුලික විමර්ශනවලදී හෙළි වී ඇති බව පොලීසිය කියයි. 

තුවාලකරු පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළත් ඔහු මියගොස් ඇති අතර ඔහු අධික ලෙස බීමතින් සිට ඇති බව පොලීසිය පවසයි. 

මේ අතර දඹුල්ල - මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. 

පෞද්ගලික බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනා තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත. 

එහිදී බරපතළ තත්ත්වයේ පසුවු දෙදෙනෙකු මාතලේ සහ මහනුවර රෝහල්වෙත මාරුකර යවා ඇති බව පොලීසිය පැවසුවේය.


0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword