
ලග්ගල - කිඹුලවාඩිය ප්‍රදේශයේ තරුණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ බහින් බස් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම සිදුවී ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් වයස අවුරුදු අටක ළමයෙකුගේ කකුලට වෙඩි වැදී ඇති අතර ඔහු රෝහල් ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ පුතා සහ ඔහු ගමන් ගත් කැබ් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගැනීම සඳහා මේ වන විට පොලීසිය විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
Post a Comment