Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 බස් වර්ජනයට ගියොත් මාර්ග බලපත් අහෝසියිඊනියා බස් වර්ජනයට එක් වුවහොත් සබරගමු පළාතේ පෞද්ගලික බස් හිමියන්ගේ ධාවන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන බව සබරගමුව මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපති සංජය සේනාරත්න මහතා පවසයි. 

සභාපතිවරයා මේ බව කියා සිටියේ අද (10) මධ්‍යම රාත්‍රීයේ පටන් වැඩ වර්ජනයක් සිදු කරන බවට ලංකා පෞද්ගලික බස් හිමියන් කර ඇති ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි. 

සබරගමු මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය යටතේ රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රීක් දෙකේ පෞද්ගලික බස් රථ 1990 ක් ලියා පදිංචි කර ඇති බවත්, දිස්ත්‍රීක් දෙකේ ධාවන මාර්ග 510 ක් එම පෞද්ගලික බස් රථ සිය සේවා පවත්වා ගෙන යන අතර සබරගමුවේ බස් නැවතුම්පොළ 20 ක් කේන්ද්‍ර කර ගනිමින් එම සේවා පැවැත්වෙන බවත් සේනාරත්න මහතා සිහිපත් කළේය. 

මගී ප්‍රවාහනය යනු හුදෙක් කර්මාන්තයක් පමණක් නොව සමාජ වගකීමක් බව ඇතැම් බස් හිමියන්ට අමතකව ඇති බවත්, තම අධිකාරියේ මෙන්ම පෞද්ගලික බස් හිමියාගේත් පළමු වගකීම මගී ජනතාවට යහපත් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාම බවත් ඔහු සිහිපත් කළේය. එහීදි මතුවන කිසියම් ගැටළුවක් වෙත්නම් මගීන් අසීරුතාවයට පත් නොකර සාකච්ඡා හා සම්මුති තුළින් විසඳුම් ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය මෙන්ම සබරගමු පළාතේ ප්‍රවාහන විෂය භාර අමාත්‍ය මහීපාල හේරත් මහතාද කටයුතු කරන පසුබිමක රටත් ජනතාවත් අසීරුවට පත් කරන ඊනියා බස් රථ වර්ජනය සුළු සමාජ ද්‍රෝහීන් පිරිසකගේ සැඟවුණු න්‍යාය පත්‍රයක් හා බැඳී පවතින්නක් බව සභාපති වරයා කියා සිටියේය. 

වත්මන් රජය යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සිය කර්මාන්තය පවත්වාගෙන යාමට සහන් රැසක් සලසා දී ඇති බවත්, විවිධ බදු සහන මෙන්ම මෑතක පටන් දිවයිනේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමද බස් හිමියන් ලද වක්‍ර ප්‍රතිලාභයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

කෙසේ වෙතත් තම සමාජ වගකීම් නොහඳුනන බස් හිමියන් වර්ජනයට එක් වන්නේ නම් ඔවුන්ගේ ධාවන බලපත්‍ර මෙන්ම කඩාකප්පල් ක්‍රියාවල නියැළෙන්නන් පිළිබඳ තද බල තීරණ ගන්නා බවට සභාපතිවරයා අනතුරු අඟවයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword