
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුවේ සාක්ෂීකරුවන්ට තර්ජන හා බලපෑම් එල්ල නොකරන ලෙසට දන්වමින් ඇයට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් මහතා අද (04) තරයේ අවවාද කොට මුදා හැරුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. එසේම ශ්‍යාමලි ප්‍රියදර්ශන මහත්මිය මේ මස 09 වන දින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොසීති නිකුත් කර තිබුණි.
එදිනට තමන්හට පැමිණීමට නොහැකි ලෙස දන්වමින් ඇය නිතිඥ අජිත් පතිරණ මහතා මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් අද අධිකරණය හමුවේ පෙනී සිටියාය.
එම අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්.සහබ්දීන් මහතා විසින් මෙලෙස තරයේ අවවාද කර මුදා හරින ලදි.
Post a Comment