
ඊයේ පස්වරුවේ මීගහතැන්න ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මි ජයවික්‍රම මහත්මිය සඳහන් කළාය.
පස් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍රයක් ලබාදීමට සැකකාර වළල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා තිබේ.
ඉන් රුපියල් ලක්ෂ 5 ක මුදලක් මීට පෙර ලබා දී තිබු අතර ඉතිරි ලක්ෂ 15 මුදල බෙන්තොට ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගෙන් ලබා ගන්නා අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.
Post a Comment