Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

හෙද පුහුණු ප්‍රවර්ධනයට කොරියාවේ සහයශ්‍රී ජයවර්ධනපුර හෙද අභ්‍යාස විද්‍යාලයේ හෙද පුහුණු කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු කොරියාවේ සහයෝගය හිමිව තිබේ. 

ඒ අනුව ජයවර්ධනපුර හෙද අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන හෙද හෙදියන්හට ලබා දෙන පුහුණුව ප්‍රවර්ධනය කිරීම සඳහා දකුණු කොරියාවේ ඉංජේ විශ්ව විද්‍යාලය ඉදිරිපත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

මෙරට හෙද අධ්‍යාපනය ඉහළ නැංවීම සදහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දකුණු කොරියාවෙන් කළ ඉල්ලීමකට අනුව දකුණු කොරියානු රජය විසින් මෙම පියවර ගෙන තිබේ. 

ඒ අනුව මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(02) සිදුකෙරුණු අතර මෙම අවස්ථාවට ඉංජේ විශ්ව විද්‍යාලයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී සිටි බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන කරයි. අවබෝධතා ගිවිසුමට අනුව වසර 04ක් යන තෙක් ශ්‍රී ජයවර්ධනපුර හෙද අභ්‍යාස විද්‍යාලයේ කාර්ය මණ්ඩලවල අධ්‍යයන කටයුතු ප්‍රමිතිගත කිරීම, විද්‍යාවේදී උපාධිය සහිත ආචාර්යවරුන් සඳහා ඉංජේ විශ්ව විද්‍යාලයට ඇතුළත්ව පාඨමාලා හැදෑරීමට මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ලෙස සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එම විශ්ව විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන කටයුතු සිදුකිරිමේ අවස්ථාව හිමිවෙයි. 

මිට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහ අධ්‍යයන කටයුතු වලදී අවශ්‍ය වන උපකරණ හා ද්‍රව්‍යය ඉංජේ විශ්ව විද්‍යාලය මගින් ලබා දීමට මෙම ගිවිසුමට අනුව සිදුකරයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword