පා පැදියෙන් යමින් සිටියදී අලියෙකු ගැසීමෙන් මීට දින 2ට ඉහතදී මියගිය සීගිරිය කායම්වල දෙදරු පියෙකුගේ මෘත ශරීරය සීගිරිය ප්‍රධාන මාර්ගයට රැගෙන ආ ජනතාව අද පස්වරුවේ විරෝධතාවක නිරත විය. වනඅලි කරදරවලට බලධාරීන්ගේ පිහිටක් නැතැයි කී සීගිරිය ඉනාමළුව කෝරළේ ජනතාව ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කිසිවෙකුටත් ඡන්දය නොදෙන්නේ යැයි එක හඬින් කී බවද අප වාර්තාකරු පැවසීය. විරෝධතාවය නිසා සීගිරිය නැරඹීමට ආ දෙස් විදෙස් සංචාරකයින්ද අපහසුතාවට පත්විය. මේ එම විරෝධතාවයේ දසුන් පෙළකි.

Post a Comment