Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින අඩුපාඩු වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. 
උතුරු නැගෙනහිර ජනයාට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ වරද කුමක්ද?
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අදාළ වෙනස්කම් සිදුකළ යුතු බවයි.

දැනට උතුරේ රඳවා සිටින 1,50,000ක් පමණ ආරක්ෂක භටයින් උතුරේ ජනයාට කරදරයක් බව ‍හෙතෙම පෙන්වාදෙයි.

උතුරු නැගෙනහිර පළාත් හැරුණු විට සෙසු පළාත්වල ජනයා එකම භාෂාවක් කතා කරන බැවින් එම දෙපළාතේ ජනයාට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ වරදක් නැතැයි ද හෙතෙම කියයි.

අද දෙරණ සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී විග්නේෂ්වරන් මහතා කියා සිටියේ තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ලබා දුන් තීන්දු ඕනෑම අයෙකුට යළි විමර්ශනය කළ හැකි බවයි.

තමන් විනිසුරුවරයෙකු ලෙස ලබාදුන් තීන්දු ගැන විශ්‍රාම ගෙන වසර දෙක තුනක් ඇතුළත ඊට එරෙහිව කවරෙකු හෝ යමක් ප්‍රකාශ කළා නම් ගැටලුවක් නැතැයි හෙතෙම පෙන්වාදුන්නේය.

එහෙත් වසර 10ක් පමණ ගත වූ පසුවිට මෙවැනි චෝදනා නගන්නේ තමා බිය ගැන්වීමට යැයි සිතන බවත් අවශ්‍ය නම් ඕනෑම කෙනෙකුට තමන් දුන් තීන්දු යළි පරික්ෂා කළ හැකි බවද ඔහු කීවේය.

මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් අද රැස්වේ.

එම සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින් පිළිබඳ මෙම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නියමිතය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword