
එකී බෝම්බ ප්‍රහාරය දැඩිව හෙළාදකින බව උන්වහන්සේ කියා සිටියේ අද (10) ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා විරෝධතා පාගමනකින් පැමිණි අවස්ථාවේදීය.
මෙවැනි ප්‍රහාරයක් එල්ල කෙරෙන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර තිබුණද එකී ප්‍රහාරය වැළැක්වීමට හෝ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය ක්‍රියා කොට නැති බවට ඥානසාර හිමි චෝදනා කරයි.
මෙකී සියලු කාරණා පෙන්වාදෙමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීම සඳහා පැමිණියද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කොට දොරගුළු ලා තිබුණු බැවින් එකී සංදේශය ගේට්ටුවේ රඳවා පැමිණි බව උන්වහන්සේ සඳහන් කරයි. කොළඹ - ගාල්ල මාර්ගයේ කොල්ලුපිටිය හංදියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවූයේ බොදුබල සේනා සංවිධානයේ හා රාවණා බලයේ මෙම විරෝධතා ව්‍යාපාරය හේතුවෙනි.
කෙසේ වෙතත් බුද්ධගයාවේ මහාබෝධි විහාරස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව විහාරයට විශේෂ ආරක්ෂාවක් සපයා දෙන බවට ඉන්දීය බලධාරීන් ප්‍රතිඥා දුන් බව ඉන්දියානු මහාබෝධි සමාගමට අනුබද්ධ බුද්ධගයා මධ්‍යස්ථානයේ අධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ බී.බී.සී මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
විවිධ බෞද්ධ රටවල් නියෝජනය කරමින් බුද්ධගයාව අවට විහාරස්ථාන 52 ක් පමණ තිබෙන බව පවසන එහිමියෝ මහා විහාරයේ පමණක් නොව ජපන් සහ ටිබෙට් විහාරස්ථානවල ද ඉරිදා හිමිදිරියේ බෝම්බ පුපුරා ගිය බව ද එහිදී සිහිපත් කළහ.
Post a Comment