Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

බාල සේලයින් ගැන පරීක්ෂණ රහස් පොලීසියට භාරයි!කුරුණෑගල හා හෝමාගම රෝහල්වලින් හමුවී ඇති බව කියූ තත්ත්වයෙන් බාල Dextran - 40 නම් සේලයින් වර්ගය පිළිබඳ පරීක්ෂණ කටයුතු රහස් පොලීසියට පවරන ලෙසට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරි‍සේන මහතා නියෝග කර තිබේ. 

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට එකී නියෝගය ඇමතිවරයා විසින් කළ බව එම අමාත්‍යංශය පැවසීය. 

කොළඹදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මේ ගැන කළ හෙළිදරව්වකින් පසු අමාත්‍යවරයා මේ ගැන සොයා බලන ලෙසට නියෝග කර තිබේ. 

Dextran - 40 නැමැති මෙම සේලයින් වර්ගය තුළ සුදු කෑලි සහ අපද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අඩංගුව පවතින බවත් ඒ පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරුන්ටද කාර්ය මණ්ඩල විසින් පැමිණිලි කර ඇති බව සමන් රත්නප්‍රිය මහතා කීවේය. 

රෝහල් බලධාරීන්ට එසේ පැමිණිලි කළද එම සේලයින් වර්ගය දැනටමත් රට පුරා රෝහල්වල රෝගීන්ට ලබාදීම සිදු වන බැවින් එය භයානක තත්ත්වයක් බව හෙතෙම පැවසීය. රෝහල් බලධාරීන්ට එසේ පැමිණිලි කළද එම සේලයින් වර්ගය දැනටමත් රට පුරා රෝහල්වල රෝගීන්ට ලබාදීම සිදු වන බැවින් එය භයානක තත්ත්වයක් බව හෙතෙම පැවසීය. 

මෙම Dextran - 40 නිෂ්පාදනය කර ඇත්තේ තායිලන්තයේ M.E. Meditek Company Limited නැමැති සමාගම බවද රත්නප්‍රිය මහතා කීවේය. 

ඖෂධයේ, නිෂ්පාදන වර්ෂය 2012.08.10 වන අතර කල් ඉකුත් වන දිනය 2016.08.10 වන අතර එහි ඛාණ්ඩ අංකය 2H792 ය. 

එසේම මෙහි ලේබලයේ මූලික දත්තයන් සටහන්ව ඇත්තේ තායිලන්ත භාෂාවකින් වන අතර එය 1980 අංක 27 දරන ඖෂධ හා සුවඳ විලවුන් උපකරණ පනතට පටහැනි බවද හෙතෙම පෙන්වාදෙන්නේය. 

මෙම Dextran - 40 සේලයින් වර්ගය, රුධිරයට සමාන සංයුතියකින් යුක්ත වීම නිසා එය මේ වන විට ඩෙංගු රෝගීන් සඳහා බහුලව භාවිත කරන බව ඔහු සඳහන් කළේය. 

එසේම අධික රුධිර වහනයකදී, බරපතළ ශල්‍යකර්ම හා හදිසි අනතුරුවලට ලක් වූ රෝගීන්ටද භාවිත කරන බව ඔහු කීවේය. 

මේ වන විට මෙම Dextran - 40 සේලයින් වර්ගයෙන් බෝතල් 5000ක් වෛද්‍ය සැපයුම් අංශය විසින් 2013 පෙබරවාරි මිලදී ගෙන ඇති අතර එසේ මිලදී ගන්නා විට තවත් බෝතල් 2960ක් ගබඩාවල තිබී ඇති බවද සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 

එක බෝතලයක මිල රු. 1742.00ක් වන බවත් එබැවින් මෙම භාවිතයට නුසුදුසු අපද්‍රව්‍ය සහිත සේලයින් වර්ගයේ 2H792 ඛාණ්ඩ අංකයට අදාල ඖෂධ භාවිත කිරීම වහාම තහනම් කළ යුතු බවත්, මෙම බාල සේලයින් පිළිබඳ විධිමත් පරීක්ෂණයක් වහාම පවත්වා සුදුසු ක‍්‍රියාමාර්ග ගත යුතු බවත්, සමන් රත්නප‍්‍රිය මහතා කීවේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword