
රාජපාක්ෂික ත්‍රස්තවාදයට යට නොවී නිල ඇඳුමේ ගෞරවය රැක ගන්නා ලෙස රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා අද (16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ හෝ වැලිවේරිය ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතු බවද ජනතාවට වෙඩි තැබීමට අණ දුන් පුද්ගලයින් කවුදැයි සෙවිය යුතු බවද හෙතෙම පැවසීය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා “හොරාගේ අම්මාගෙන් පේන අහනවා” වැනි නිලධාරීන් ඒ සඳහා යොදා ඇතැයිද ඔහු සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ප‍්‍රදේශ තුළ තිබූ කොටි ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කර ඇතත්, අද මුළු රට පුරාම තවත් ත‍්‍රස්තවාදයක් විහිදෙමින් තියෙන බව හෙතෙම කීවේය.
බලයෙන් මත් වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ ඥාති, ගෝලබාලයන් අද තම බලය අනිසි ලෙස උපයෝග කර ගනිමින් දියත් කරන රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදය මුළුමහත් රටටම විනයක් වී ඇතැයිද ඔහු පෙන්වාදුන්නේය.
ජනාධිපති දරුවන් කී‍්‍රඩා පිටියේ පරාජය දරා ගැනීමට බැරිව, විනිශ්චයකරුවන්ට දරුණු ලෙස පහර දෙද්දී, ප‍්‍රාදේශීය මට්ටමේ සිටින රාජපාක්‍ෂික සභාපතිවරුන්ගේ දරුවන්ද අද තම විදුහල්පතිවරයාට පවා පහර දෙන්නේ යැයි හෙතෙම පැවසීය.
එමෙන්ම, ගුරුවරුන් දණ ගස්වමින්, රාජ්‍ය සේවකයින් ගස් බඳිමින් තවත් රාජපාක්‍ෂිකයන් මේ ත‍්‍රස්තවාදය දියත් කරන හැටි හැමදාම අහන්න, දකින්න ලැබෙන බවද ඔහු පෙන්වාදුන්නේය.
දැරණියගල වත්තේ තමන්ගේ ජාවාරම්කාර ව්‍යාපාරයන්ට හරස් වෙන වතු සුපිරින්ඩන්ලා අමු අමුවේ ඝාතනය කරන්නේද රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බව රහසක් නොවේ යැයිද හෙතෙම පැවසීය.
එසේම, රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් නිසා ලෝකයේ ස්තී‍්‍ර දූෂණ වැඩිම රට බවට අද ලංකාව පත්ව ඇති බවත් ළමා අපචාර වැඩියෙන්ම සිදුවන රටක් බවට පත්ව ඇති බවත් හෙතෙම කීවේය.
දවසකට ස්තී‍්‍ර දූෂණ අවම වශයෙන් 07 ක්වත් මේ ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවේ සිදුවන බවට පොලිස් වාර්තාම පිළිගන්නේ යැයිද දිනකට ළමා අපචාර 03 ක්වත් සිදු වන්නේ යැයිද ඔහු පැවසීය.
තමන්ගේ ආශාවන්ට හරස් වෙන සංචාරකයන් පවා මරා දමන හැටි, තංගල්ලේ 2011 දී අපට පෙන්වාදුන් බවද මංගල සමරවීර මහතා කීවේය.
තංගල්ලේ එම විදේශ සංචාරකයාගේ ඝාතනය පිටුපස නාමල් රාජපක්‍ෂගේ නිල් බලකායට සම්බන්ධ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයා සිටියා මෙන්, ලංකාවේ අනෙකුත් ස්ථානවල සිදුවන සියලූ ස්තී‍්‍ර දූෂණ, ළමා අපචාර සහ වෙනත් අපරාධවලින් 80%ක්ම පිටුපස සිටින්නේ, බලයෙන් මත්වූ මෙම රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බැවි ඉතා පැහැදිලි යැයිද ඔහු පැවසීය.
මෙම ත‍්‍රස්තවාදය අද දියත් කරන්නේ තමන්ට හිතවත් දේශපාලනඥයන් හරහා පමණක් නොව, හමුදාව සහ පොලීසියේ සිටින තෝරාගත් පිරිස් හරහා බවද ඔහු කීවේය.
එනම්, රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදය කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හමුදාවේ සහ පොලීසියේ යම් යම් නිලධාරීන්ටද භාර දී ඇති බව ඔහු කියා සිටියේය.
මෙය හොඳින්ම පැහැදිලි වූයේ, පසුගියදා වැලිවේරියේදී සිදු වූ අහිංසකයන්ගේ ඝාතනයේදී බවත් වස විස වතුර වෙනුවට, පිරිසිදු ජලය ඉල්ලූ ජනතාවට එලව එලවා පහර දුන්නේද, වෙඩි තිබ්බේද මේ හමුදාවේ සිටින රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් බැව්ද මන්ත්‍රීවරයා කීවේය.
ආණ්ඩුවේ ඔලමොට්ටලකම්වලට විරුද්ධ වූ නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවන්ටද, හලාවත ධීවරයින්ටද, රොෂේන් චානක, වර්ණකුලසූරිය ඇන්තනී වැනි අහිංසකයින්ට පහරදී අමු අමුවේ මරා දැම්මේ රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් යැයි මුළු රටම දන්නා බවද ඔහු පැවසීය.
පසුගියදා ග‍්‍රෑන්ඩ්පාස් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ආරක්‍ෂක අමාත්‍යංශයෙන් සහ වීරවංශලාගේ මඟ පෙන්වීම යටතේ කටයුතු කරන බලූ සේනාවන් පහර දෙද්දී, නිහඬව බලා සිටියේද මෙම ත‍්‍රස්තවාදයට උල්පන්දම් දෙන පොලිසියේ සිටින උදවිය බවද ඔහු කීවේය.
ග‍්‍රෑන්ඩ්පාස් සිද්ධියට එම ප‍්‍රදේශයේ ජාතික හෙළ උරුමයේ උපාලි, ඒ වගේම දිනේෂ්, ඥානෙ, විජේ, පියතිස්ස හෙට්ටිආරච්චි වැනි ආණ්ඩු පක්‍ෂ මැරයනුත් සිටි බවට පොලිස් වාර්තාවල ඇති බව මංගල සමරවීර මහතා කීවේය.
නමුත් ඔවුන්ට පොලිසියට එන්න කියා නැති බවත් කටඋත්තරයක්වත් ලබාගෙන නැති බවත් ඔහු පැවසීය.
දැනට ලැබී ඇති ආරංචි අනූව අනුර සේනානායක විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව උද්ඝෝෂණය කළ පක්‍ෂ ලේකම්වරයා ඇතුළු අනෙක් පක්‍ෂවල ලේකම්වරුන්ට විරුද්ධව “බී වාර්තාවක්” සකස් කර ඇතැයිද හෙතෙම කීවේය.
අපව උසාවි ගෙනියන්නට පෙර වැලිවේරියේ අහිංසකයන්ගේ ඝාතනයට වගකිව යුත්තන් උසාවි ගෙනියන්නැයි ඔවුන්ට කියන බවද මන්ත්‍රීවරයා පැවසීය.
අපිව උසාවි ගෙනයාමට පෙර ග‍්‍රෑන්ඩ්පාස් පල්ලියට පමණක් නොව, පසුගිය මාස කිහිපය තුළදී ආගමික ස්ථානවලට පහරදුන් රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන්ට නඩු දාන්නැයි කියා හෙතෙම අවධාරණය කළේය.
කෙසේ හෝ හමුදාවේ සිටින රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් විසින් වැලිවේරියේ අහිංසකයන්ට එරෙහිව ගෙනයන දඩයම තවමත් දියත් කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් මානව අයිතීන් කොමිසමට ඊයේ වාර්තා කළ විට ඔවුන්ට කියා ඇත්තේ, වැලිවේරිය ප‍්‍රදේශයේ විරෝධතාවයට සම්බන්ධ වූ තරුණයන් හමුදාව විසින් බලහත්කාරයෙන්ම රැගෙන යන ප‍්‍රශ්නයක් මතුව ඇති බැවින්, ඔවුන්ට වෙන දිනයක පැමිණෙන ලෙස යැයිද මංගල සමරවීර මහතා කීවේය.
හමුදාවේ සහ පොලිසියේ සුළු පිරිසක් රාජපක්‍ෂ රෙජිමයේ නීති විරෝධී නියෝග කි‍්‍රයාත්මක කිරීම තුළින් අද මුළුමහත් හමුදාවත්, පොලීසියත් අපකීර්තියට පත්ව ඇති බව හෙතෙම පෙන්වාදුන්නේය.
හමුදාවේ පොලිසියේ රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදීන් කවුදැයි කියා අද මුළු රටම අසන බවත් සාමාන්‍ය ජනතාව මරණ, කොටන ත‍්‍රස්තවාදීන්ට නියෝග දෙන, මෙහෙය වන මහා ත‍්‍රස්තවාදියා කවුදැයි කියාද ජනතාව අසන බවත් හෙතෙම කීවේය.
වැලිවේරියේ ඝාතන සිදු වූ විගස එයට සම්බන්ධ වූ අය වහාම හමුදා අත්අඩංගුවට ගෙන, ඔවුන්ට විරුද්ධව කටයුතු කළ යුතුව තිබුණත්, වගකිව යුතු නිලධාරීන් එය සඟවන්නේ ඇයි දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
මේ තත්ත්වය යටතේ රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදයට එරෙහිව අද මුළු රටේම ජනතාව කඳවුරු බඳින බවත් පක්‍ෂ භේද ආගම් භේද ජාති භේදයෙන් තොරව දිනාගත් නිදහස ආරක්‍ෂා කිරීමට ඔවුන් ඒකරාශී වෙන බවත් ඔහු පැවසීය.
තවද රාජපාක්‍ෂික ත‍්‍රස්තවාදයට එරෙහිව මෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම සඳහා ඊළඟ සතියේදී පක්‍ෂයක් පාටක් නැති “සමගි බලවේගය” හඳුන්වාදෙන බවද මන්ත්‍රීවරයා කීවේය.
ජනතාවගේ යහපත උදෙසා අලූත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැඟීමට, අලූත් කතාබහක් ඇරඹීමට කාලය එළඹ ඇති බවත් වඩාත් හොඳ රටක් නිර්මාණය කිරීම සඳහා බෙදී වෙන් වී සටන් කරනවාට වඩා, එකමුතුව යෝධ සංග‍්‍රාමයක් දියත් කිරීම අද අපගේ කාර්යභාරය බවත් ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
එම මාධ්‍ය හමුවට සහභාගි වූ මෙවර උතුරු පළාත් මැතිවරණයේදී මුලතිව් දිස්ත්‍රීක්කයේ කණ්ඩායම් නායක ලෙස කටයුතු කරන දිනේෂ් රවිචන්ද්‍රලාල් මහතා පැවසූවේ ආරක්ෂක අමාත්‍යංශයේ යැයි පවසමින් මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇති බවයි.
එසේ ප්‍රශ්න කළ අය අතර සන්ධානයෙන් විපක්ෂයට එක්ව තරග කරන අපේක්ෂකයෙකුද සිටින බව හෙතෙම කීවේය.
උතුරු පළාතේ නැවත පදිංචි කිරීම් ක්‍රමානුකූල නැති බවද යටිතල පහසුකම් ප්‍රමාණවත් නැති අතරම මෙන්ම වැන්දඹු කාන්තාවන් රාශියක් සිටින බවද ඔහු කියා සිටියේය.
Post a Comment