Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

දරුකමට ගත් දැරිය මරා 
ගේ පිටුපස වළ දමලා

දරුකමට හදා ගැනීමට ගත් සිගිති දැරියක අමාණුෂික වදහිංසා පමුණුවා මරා වළ දැමූ බවට සැලකෙන පුද්ගයෙකු කලුතර ප්‍රදේශයේ සැගව සිටියදී ඊයේ (26) රත්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා. සැකකරුගේ අනියම් බිරිදගේ දියණියක විසින් රත්නපුර පොලිසියට කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත් අඩංගු වට ගත් පොලිසිය සැකකරුගෙන් ලැබුණු තොරතුරු අනුව 

වළ දමා තිබූ බිළිදු මළ සිරුර පිළිබදව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කරන ලදුව මාතලේ අතිරේක දිසා විනිසුරු/මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතාගේ නියෝගය අනුව අද(27) මළ සිරුර ගොඩ ගැනීමට කටයුතු කළා.


මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇති දැරිය නිශානි මධුෂිකා නමැති වයස අවුරුදු 1 යි මාස 11 ක් වයසැති දැරියක බව රත්තොට පොලිසිය කියයි. අනියම් බිරිද, අනියම් බිරිදගේ වයස අවුරුදු 16 ක් වියැති දියණිය සහ දරුකමට හදා ගැනීමට ගත් බවට පැවසූ මිය ගිය දැරිය සමග රත්තොට පොලිස් වසමට අයත් මැටිහක්ක හපුගස්පිටිය ප්‍රදේශයේ පෞද්ගලික පොල් වත්තක සේවයට පැමිණ ඇති සැකකරු මෙම දැරියට අවස්ථා කීපයකදීම අමාණුෂික වදහිංසා පමුණුවා ඇති බව අනාවරණයවී ඇත.


සිද්ධියවූ දින අනියම් බිරිද සහ අනියම් බිරිදගේ දියණිය මාතලේ නගරයට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදි මිය ගිය දැරියගේ මළ සිරුර ඇද මත තිබූ බවත් සිද්ධිය වසන් කිරීමේ අරමුණ ඇතිව සැකකරු අනියම් බිරිද සහ අනියම් බිරිදගේ දියණිය සමග දැරියගේ මළ සිරුර නිවස පිටුපස වළක් හාරා වළ දමා ඇති බවත් පොලිස් පරීක්ෂණයේදී හෙලිවි තිබේ. 



0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword