Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ග්‍රිසීයේ සිට බිරිඳ මග එද්දී රැහනකින් ගෙල සිර කර සැමියා මෝටර් රියේ මරා දාලා...

පානදුර ශ්‍රී මහා විහාර මාවතේ නවතා තිබූ මොටර් රියක් තුළ තිබී පානදුර දකුණ පොලිසිය විසින් අද (01) උදේ සොයාගත් මළ සිරුරට අදාළ පශ්චාත් මරණ පරික්ෂණය පානදුර රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී.ඩී.දසනායක මහතා ඉදිරියේදී පැවැති අතර

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම මරණය ලණු කැබැල්ලක් හෝ වයර් කැබැල්ලකින් ගෙළ සිරකොට සිදුකළ මිනිස් ඝාතනයක් බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කළේය.
අවට පළාත්වාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව පැමිණ පරික්ෂා කිරීමේදී රියදුරු අසුනේ සිටි පුද්ගලයෙක් අනෙක් ආසනය මත පෙරළී මියගොස් සිටිනු හමු වී තිබේ. මේ පුද්ගලයා ඉන්ද්‍රජිත් ප්‍රදීප් දේවනාරයන (40) නැමැත්තෙකි. 805 හයිලෙවල් පාර ගංගොඩවිල පදිංචිකරුවකු බව ඔහුගේ ජාතික හැඳුනුම්පත අනුව තහවරු කරගෙන තිබේ.


ඔහුගේ මව සහ සහෝදරයකු පැමිණ මළ සිරුර හඳුනාගත් බවත් ඔහු රෑ කෑමට ගෙදර එනවායි කියා පෙරදින සවස තමන්ට අයත් මෝටර් රථයෙන් පිට වී ගිය බව ඔවුන් කී බවත් පොලිසිය පවසයි. මෙම පුද්ගලයා ප්‍රංශයේ හා ඉතාලියේ මීට වසර හතරකට පමණ පෙර රැකියාවේ යෙදී ඇත.

ඉන්පසු මෙරටට පැමිණි මොහු වෙනත් රැකියාවක යෙදී නැත. විවාහ වී කාලයක් වන අතර ග්‍රිසීයේ රැකියාව කරන ඔහුගේ බිරිය එරට සිට හෙට(02) ලංකාවට පැමිණිමට නියමිත බවද පැවසේ. නමුත් ඇය මෙහි එන්නේ මෙම මරණය දැනගෙන නොවන බවත් වාර්ෂික නිවාඩුවක් ගත කරන්නට ඇය පැමිණෙමින් සිටින බවත් පැවසේ.

මෙම දෙපොළට දරුවන් නැත. මෙම අභිරහස් මිනිස් ඝාතනය ගැන පානදුර දකුණ පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා පරීක්ෂණ අරඹා ඇත. ඇඟිලි සළකුණු අංශය මගින් මෝටර් රථය පරීක්ෂාවට ලක්කර සැක කටයුතු ඇඟිලි සළකුණු කිහිපයක් සොයා ගෙන තිබේ.

ඒවා ගැන වෙනම පරීක්ෂණයක් සිදුකෙරේ. ඒ අතර පානදුර කොට්ටාශ නිල පොලිස් සුනඛයා හොරණ පොලිස් කොට්ටාශයෙන් ගෙනැවිත් අපරාධකරුවන් පිළිබඳ විමර්ෂණයක් සිදුකර තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword