බම්බලපිටියේ මොහොමඩ් සියාම් නම් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන කඩුවෙල කොතලාවල නිවෙසකදී අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
ගිනි අවියක් සොයා ගැනීම සඳහා පොලිසිය ඔහුගේ සහාය පතන බව දැනගන්නට ඇත.
ඔහු නීතීඥවරයකුගේ මාර්ගයෙන් භාර වීමට සිටි බව ද පොලිසිය කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුයේ ඒ ගැන තමාට වාර්තා වී නැති බවයි.
බම්බලපිටියේ ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන මහතාද එකී අපරාධයේ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (09) අධිකරණයට දැන්විය.
ඒ අනුව රවිඳු ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.

Post a Comment