
හයිලෙවල් මාර්ගයේ බස් රථවල, බොරැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද දවසේ කැට ව්‍යාපාරයක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැති බව හෙතෙම කීවේය. එහිදී මිරිහාන හා බොරලැස්ගමුව පොලිස්ථානවල නිලධාරීන් පැමිණ සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සම්පත් මහතා කියා සිටියේය.
මේ ගැන විමසූ කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදාළ සිසුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් පසු මුදාහැර ඇති බවයි.
ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ නිරතව සිටි එම කණ්ඩායම කවුරුන්ද, කුමක් කරන්නේද පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මුදාහැර ඇති බවත් එය අත්අඩංගුවට ගැනීමක් නොව රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා ගත් පියවරක් බවත් පොලීසිය කීවේය.
Post a Comment