
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස ක්‍රිස්මස් දූපතට ඊයේ පිටත්කර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව පසුගිය වසරේ අගොස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ශ්‍රී ලාංකිකයින් 1270 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.
ඔවුන්ගෙන් 1057 දෙනෙකුම කැමැත්තෙන්ම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඉදිරිපත්ව ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
නීති විරෝධී ලෙස පලා ආ පුද්ගලයින් නැවත ශ්‍රී ලංකාව බලා යාමෙන් ඔස්ට්‍රේලියාවට වංචනික ලෙස පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින්ට වැදගත් පණිවිඩයක් ලබාදෙන බව එරට ආගමන හා පුරවැසිභාවය පිළිබඳ අමාත්‍ය බ්‍රෙන්ඩන් ඕ කොනර් මහතා පවසයි.
එමගින් ඔවුන් විවිධ පුද්ගලයින්ට මුදල් ලබාදී වංචනික ක්‍රියාවන්ට අසුවීමට ඇති ඉඩ ඇහිරෙන බව ඔහු පෙන්වාදෙයි.
Post a Comment