Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News


විජිතගේ හා සම්​බන්දන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේපයිහිටපු අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාව විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. 

අදාළ තේරීම් කාරක සභාව නීත්‍යානූකූල නොවන බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා කිරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බවට ගොනුකර තිබූ මූලික විරෝධතා සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ලබා දී ඇත.
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන් සහ විජිත හේරත් යන මහත්වරුන් විසින් අදාළ මූලික විරෝධතා ගොනුකර තිබුණි. 

එහිදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ අදාළ අභියාචනාධිකරණ තීන්දුව නීති ක්ෂේත්‍රයේ නරක පූර්වාදර්ශයක් විය හැකි බැවින් අභියාචනයක් කිරීමට අදහස් කළ බවයි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword