
සාලියවැව පොලිස් ස්ථානාධිපති රංජිත් අබේනායක මහතාට ලද තොරතුරක් මත රථවාහන අංශයේ නිලධාරීන් විසින්මෙම වැටලීම සිදු කර ඇත.
මෙම බස් රථයේ ගමන්මලු බහළුම් ඒකකයේ තිබු තහනම් මාළු දැලක් තුළ මෙම නීති විරෝධි මත්පැන් තොගය සඟවා තිබී ඇත. එම මාළු දැල බස් රථයට පැටවු බව කියන බස් රථයේ සිටි මගියෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තමන් විසින් මෙම කසිප්පු තොගය වව්නියාව දක්වා රැගෙන යමින් සිටි බව පිළිගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව බස් රථය ගමනාන්තය දක්වා පිටත් කර යවා ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment