
කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව සිදුකළ විමර්ශනයක දී බස් රථය සමඟ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
දීර්ඝ කාලයක් තිස්සේ මොවුන් මෙලෙස සූදු ක්‍රීඩාවේ නිරත වන බව සඳහන්ය.
එමෙන්ම පෞද්ගලික බස් රථයේ අයිතිකරුගේ අනුදැනුමකින් තොරව රියදුරු සහ කොන්දොස්තරවරයගේ සහයෝගය මත මෙම ක්‍රියාව සිදුවන බවත් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post a Comment