
ඊයේ (22) දින උගන්ඩා ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පවත්වා ඇත.
දෙරට අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීම හා ද්වීපාර්ෂික ආරක්ෂක මෙහෙයුම් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තවද ආපදා තත්ත්වයන් පිළිබඳව අත්දැකීම් හුවමාරුව සහ එරට ආරක්ෂක හමුදාවන් සඳහා මෙරටදී පුහුණුවීම් ලබා දීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ බව සඳහන් වෙයි.
උගන්ඩාවේ ආරක්ෂක ලේකම් වන ජේජේ ඔඩෝන්, ලුතිනන් ජෙනරාල් චාලස් අන්ජිනාත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එයාර් වයිස් මාෂල් කේ.ඒ.ගුණතිලක සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
පස්දින නිල සංචාරයක් සඳහා ආරක්ෂක ලේකම්වරයා පසුගිය සිකුරාදා දිනයේ උගන්ඩාවට ගොස් තිබුණි.
Related News
Post a Comment