
ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 45යි මිලි ග්‍රෑම් 580ක් පොලීසිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු දිර්ඝ කාලයක් තිස්සේ බදුල්ල ප්‍රදේශයට හෙරොයින් ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනෙක් සැකකරුවන් බදුල්ල නගරය අවට පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment