
උපාධිය ලැබූවන්ට රැකියා ලබාදීමට නොහැකි බව කියමින් ආණ්ඩුව 2010 ඔක්. 15 දා නිකුත් කළ චක්‍රලේඛයකට අනූව බාහිර උපාධි සඳහා සිසුන් බඳවා ගැනීම නතර කර ඇති බවත් වසර 2ක වැනි කාලයක් ගතව ඇතත් මේ දක්වා ඊට විසඳුමක් දී නැති බවත් හෙතෙම කියයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් අධ්‍යාපනය ලැබීම ගැනත්, මහින්ද චින්තනයේ සැමට උපාධියක් ගැනත් සඳහන්ව තිබුණද ළමුන්ට ඔවුන්ගේ මුදල් වියදම් කර හෝ ඉගෙන උපාධියක් ගැනීමට තිබූ අවස්ථාව ආණ්ඩුව නැති කර ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
මින් සිදුවන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටුවීම නොව, තවදුරටත් තරුණ අසහනයක් නිර්මාණය වීම බැවින් මීට කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හෙතෙම කොළඹදී අද (08) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීය. එසේම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ආණ්ඩුවට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද දයාසිරි ජයසේකර තමාට මුණ ගැසුණු බවත් එවැන්නක් ඔහු නොකී බවත් තිස්ස අත්තනායක මහතා මාධ්‍යවේදියෙකුගේ පැනයකට පිළිතුරු ලෙස එහිදී කීවේය.
ආණ්ඩුව දැන් ගිලෙන නැවක් බැවින් දයාසිරි පමණක් නොව වෙනත් කිසිවෙක් ආණ්ඩුවට යනු ඇතැයි තමන් නොසිතන බවද හෙතෙම පෙන්වාදුන්නේය.
දයාසිරි ජයසේකර ආණ්ඩුවට යන බව පුවත්පත්වල සිරස්තල මගින් පවා සඳහන් කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එහෙත් දයාසිරි ජයසේකර ආණ්ඩුවට නොයන බව පවසා ඇතැයි ද කීවේය.
තවද ආණ්ඩුව දැන් දැන් සිටම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් දන්සැල් ව්‍යාපෘතිය අරඹා ඇති බවද, ඇතැම් ප්‍රදේශවල උදලු තල, ඇස් කන්නාඩි වැනිදෑ බෙදාදීම මෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රජෙය් දේපළ යොදා ගන්නා බව වාර්තා වී ඇති බව පැවසීය.
මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කරන බවද කී තිස්ස අත්තනායක මහතා උතුරු පළාත් සභා මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තර ප්‍රජාව ද නිරීක්ෂණය කරන බැවින් ඒ ගැන ආණ්ඩුවේ යහපත් ක්‍රියාකලාපය වැදගත් බව පෙන්වාදුන්නේය.
Post a Comment