Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ශ්‍රී.ල.මු.කො හා ටී.එන්.ඒ හෙට රැස්වෙයිඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ විශේෂ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ‍. 

හෙට රාත්‍රී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානයේ දී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජාතික සංවිධායක මොහොමඩ් ෂෆීක් රජාබ්දීන් මහතා සඳහන් කළේය. 

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා තනිව තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන ඇමති අපේක්ෂකයෙකු නම් කිරීම හෙට දිනයේ සිදුකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා සඳහන් කළේ අදාළ තීරණය සඳහා ඊයේ දිනයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් අතර රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණ ද එය හෙට දිනය දක්වා කල්තැබු බවයි. 

මේ වන විට දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන ඇමති ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබේ. 

ඒ අනුව හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සි.වි.විග්නේෂ්වරම් මහතා සහ මාවෙයි සේනාධිරාජා මහතාගේ නම් මේ සඳහා යෝජනා වී ඇති බව සඳහන්ය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword