
ඔස්ට්‍රේලියාවට බෝට්ටු මගින් පලාඑන සරණාගතයින් පැපුවා නිව්ගිනියාවට යැවීමට එම දෙරට අතර පසුගියදා එකඟත්වයක් ඇති විණ.
මේ පුවත සැලවීමෙන් පසු නව සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව නාවුරු දූපතේ රඳවා ඇති සරණාගතයින් පසුගිය සිකුරාදා කළහකාරී ලෙස හැසිරුණි.
ඊට සරණාගතයින් 150 දෙනෙකු පමණ සම්බන්ධ වී තිබේ.
ඒ අතර ශ්‍රි ලාංකිකයන් ද වන බව වාර්තා වේ.
කලහකාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් ප්‍රකාශ කළේ කැරළිගැසීමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරන බවයි.
Post a Comment