Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මාලිංගට බෝතලයකින් ගැසූ පුද්ගලයා නිදහස්ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංගට බෝතලයකින් දමා ගැසූ ට්‍රිනිඩෑඩ් ජාතිකයා අධිකරණය විසින් අමෙරිකානු ඩොලර් 1000ක බැඳුම් ඇපකරයක් මත නිදහස් කර තිබේ. 

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවසන් මහ තරගය පෙරේදා (11) කොදෙව් දූපත් හි පැවැත්විණ. 

එම තරගයේ පන්දු රකිමින් සිටියදී මාලිංගට ප්‍රේක්ෂයෙකුගෙන් බෝතල් ප්‍රහාරයක් එල්ල වූ අතර මේ නිසා තරගය මිනිත්තු කිහිපයකට නවතා දැමීමට සිදුවිය. සිද්ධියට සම්බන්ධ බවට සැක කරන 40 හැවිරිදි ට්‍රිනිඩෑඩ් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන කොදෙව් හි පෝට් ඔෆ් ස්පේන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට එම දඬුවම ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එසේම ඉදිරි වසරක කාලය තුළ මෙවැනි සිද්ධියකට යළි සම්බන්ධ වුවහොත් සති 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවද අධිකරණය දැනුම්දී තිබේ. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword