
පැය 48 ක වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අවසන්වීමට නියමිතව තිබුණේ අද රාත්‍රි 12.00 ට වුවත් ප.ව 4.00 ට එය අත්හිටුවූ බව දුම්රිය වෘත්තී සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා අද දෙරණට කියා සිටියේය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම හා ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් තම ඉල්ලීම් ජනාධිපතිවරයාගේ අනුමැතිය මත වැටුප් කොමිසමට යොමු කළ බවට තමන්ට දැනුම්දී ඇති බැවින් මෙලෙස වර්ජනය අත්හිටුවීමට ක්‍රියා කළ බව ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා හා අමාත්‍යංශ ලේකම්වරයා කෙරෙහි විශ්වාසය තබා දුම්රිය සේවක වර්ජනය අත්හිටුවනු ලැබූවද යම් හෙයකින් රැවටීමක් සිදුකොට දුන් පොරොන්දු ඉටු නොකළහොත් මීටත් වඩා සංවිධානාත්මකව යළි අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Post a Comment