Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පොහොර හිඟය තීරණාත්මකයි - නිලධාරි තන්ත්‍රය වගකිව යුතුයිපොහොර හිඟය හේතුවෙන් රට පුරා ගොවීන්ට මුහුණ පෑමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳව වහා අවධානය යොමුවිය යුතු බව ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

අද (09) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා සභාවේ අවධානය යොමුකරවමින් මේ බව කියා සිටියේය. 

අනුර දිසානායක මහතා එහිදී මෙසේද සඳහන් කළේය. 

වී ඇතුළු අනෙකුත් භෝග වගා කරන ගොවීන් දැඩි පොහොර හිඟයක් හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවට වන පුවත් දිවයින පුරා ගොවිතැන් කෙරෙන ප‍්‍රදේශවලින් වාර්තා වෙමින් තිබෙනවා. නිසි වේලාවට පොහොර නොලැබීම නිසා වගාවන්ට හානි සිදුවෙමින් යාම ආදී කෘෂිකර්මයට බලපාන තත්ත්වයනුත් ලැබී ඇති සීමිත පොහොර තොග බෙදා හැරීමේදී සිදුවී ඇති සමාජීය ගැටලූකාරී තත්ත්වයනුත් අසන්නට දකින්නට ලැබෙනවා. මේ අංශ දෙකෙහිම පාඩුව දරා ගැනීමට බලකෙරී තිබෙන්නේ ඉතාම දුෂ්කර කොන්දේසි යටතේ වී වගාව ඇතුළු මේ රටේ ආහාර භෝග වගා කිරීමේ නිරත අහිංසක ගොවි ජනතාවටයි. එහෙත් මෙම අසීරුතා නිර්මාණය කිරීමට කෘෂිකර්මය නොසලකා හරින්නා වූ ප‍්‍රතිපත්තිමය තීන්දු ගන්නා ආණ්ඩුවත් සීත කාමරවල සිට ඊට අනුකූල සංඛ්‍යා ලේඛන, නිර්දේශ ඉදිරිපත් කරන නිලධාරි තන්ත‍්‍රයත් පැහැදිලිවම වගකිව යුතුයි. අපේක්ෂිත අස්වැන්න ලබාගැනීම සඳහා ඕනෑම වගාවකදී මෙන්ම වී ගොවිතැනේදීද, ඒ ඒ කාලවලට ජලය මෙන්ම පොහොරද අදාළ ප‍්‍රමාණයන්ගෙන් අවශ්‍ය වන බවත් ඒවා ඒ නිසි කාලවලදී යෙදිය යුතු බවත් සියලූ දෙනා දන්නා කරුණක්. ඒ අනුව අදාළ කන්නයේදී වී වගා කෙරෙන භූමි ප‍්‍රමාණයට අවශ්‍ය ඇස්තමේන්තු ගත පොහොර ප‍්‍රමාණය ආනයනය කිරීමට කටයුතු කෙරෙනවා. මේ සාමාන්‍යයෙන් මෙතෙක් සිදුවූ ක‍්‍රමයයි. එහෙත් ප‍්‍රතිපාදන කප්පාදු කිරීම සඳහා ආණ්ඩුව මෙවර තෝරා ගන්නා ක්ෂේත‍්‍රය ආහාර භෝග වගාව වීමෙන් ආණ්ඩුවට උපදෙස් දෙන්නේ "බත් කන අය"දැයි සැක මතු වනවා. 

එම තීරණ මත ප‍්‍රතිපත්ති සම්පාදකයින් පොහොර ආනයනය කපා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙය ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් කරවීමේ කුමන්ත‍්‍රණයක් තරමටම සාහසික කටයුත්තක්. මෙම කප්පාදු කිරීම් සිදුවන්නේ, වගාවට අවශ්‍ය පොහොර ප‍්‍රමාණය විද්‍යානුකූල පදනමකින් ගණන් බැලීමක් අනුව නොව බෙදාහැරීමේ ක‍්‍රියාවලිය තුළ ගොවීන්ට විවිධ කොන්දේසි, බාධා පනවමිනුයි. නිදසුනක් ලෙස බෙදාහැරීම හිතාමතා ප‍්‍රමාද කෙරෙන අතර ගොවීන්ට වගා රක්ෂණයක් ලබාගැනීම අනිවාර්ය කිරීම වැනි කොන්දේසි පැනවී තිබෙනවා. පසුගිය 2012/2013 මහ කන්නයේදී සමස්ත බෙදාහැරීමෙන් 15%ක් කපාහැරීමෙන් ඉතිරි කරගත් පොහොර ප‍්‍රමාණයද ඇතුළත්ව 2013 යල කන්නය සඳහා පෙහොර ලේකම් කර්යාලයේ නිර්දේශය අනුව අමාත්‍ය මණ්ඩලයේ ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව විසින් 2013.01.10 වැනි දින පොහොර ආනයන සැලැස්මක් සකස් කරනු ලබනවා. ඒ අනුව, අපේ‍්‍රල් මාසයේදී යූරියා මෙ.ටො. 24,000ක්ද ටී.එස්.පී. මෙ.ටො. 24,000ක්ද මැයි මාසයේදී යූරියා මෙ.ටො. 36,000ක්ද ටී.එස්.පී. මෙ.ටො. 12,000ක්ද එම්. ඕ.පී. මෙ.ටො. 18,000ක්ද ජුනි මාසයේදී යූරියා මෙ.ටො. 12,000ක්ද ආනයනය කළ යුතු වුණා. 

ඒ අනුව ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශයේ ලේකම්ගේ ඉල්ලීම අනුව අමාත්‍ය ප‍්‍රසම්පාදන කමිටුව විසින් අපේ‍්‍රල් මස ලංකාවට ලැබිය යුතු පොහොර තොග සඳහා 2013 ජනවාරි මාසයේ ටෙන්ඩර් කැඳවා එම මාසයේ 30වැනි දින සැපයුම්කරුවන් වෙත කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කරන ලැබුවා. මැයි මාසයට අදාළ සැපයුම් සඳහා පෙබරවාරි මස ටෙන්ඩර් කැඳවා මාර්තු 06 වැනි දින කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කළා. කෙසේ වුවද අපේ‍්‍රල් හා මැයි ලැබිය යුතු ඉහත පොහොර තොග සඳහා ගිවිසුම් ප‍්‍රකාරව සැපයුම්කරුවන් වෙත ණයවර ලිපි විවෘත කිරීම පිළිවෙළින් පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදුකළ යුතු වුණා. කෙසේ නමුත් මුදල් අමාත්‍යාංශය 2013 මාර්තු මාසය අවසන් වන විටද අදාල ණයවර ලිපි විවෘත කිරීමට රාජ්‍ය පොහොර සමාගම් වෙත ලබා දිය යුතු අනුමැතිය ප‍්‍රමාද කරමින් සිටියා. භාණ්ඩාගාර නිලධාරීන් මාධ්‍ය මගින් වහසි බස් දොඩමින් සිටියේ 2014 මහ කන්නය තෙක් අවශ්‍ය පොහොර ආනයනය කර ලංකාව තුළ දැනටමත් ඇති බවටයි. 

2013 පෙබරවාරි 06වැනි දින සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අනුව පොහොර විෂය ගොවිජන සේවා හා වනජීවි අමාත්‍යාංශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට මාරුවුණා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොහොර බෙදාහැරීමේ සැලැස්ම නැවත සකසන ලැබුවා. ඒ, 2013 යල කන්නය ආරම්භ වී තිබියෙදීයි. මාර්තු 21 දින සකසන ලද මෙම නව සැලැස්ම අනුව 2012 යල කන්නයට සාපේක්ෂව යූරියා 30%කින්ද ටී.එස්.පී. 21%කින්ද එම්. ඕ.පී. 31%කින්ද කප්පාදු කරන ලැබුවා. මෙය සාපේක්ෂ වශයෙන් පොහොර වර්ග තුනෙන්ම 33%ක කපා හැරීමක් වුණා. මේ වන විට 2013 යල කන්නයේ පොහොර බෙදාහැරීම් ඇරඹී තිබූ අතර අපේ‍්‍රල් හා මැයි පොහොර අවශ්‍යතාවයට අදාළ කොන්ත‍්‍රාත් ප‍්‍රදානය කර තිබියදී පොහොර ආනයන සැලැස්ම සංශෝධනය කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීමකින් තොර හැසිරීමක් වුණා. 

මේ සමග සිදුවූයේ ආනයන කටයුතුවලට අදාළ ණයවර ලිපි සඳහා අනුමැතිය ලබාදීම මුදල් අමාත්‍යාංශය විසින් තවදුරටත් ප‍්‍රමාද කිරීමයි. අවසානයේ මෙම ණයවර ලිපි විවෘත කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණේ 2013 ජුනි මාසයේදීයි. ඒ වන විට යල කන්නය ආරම්භ වී මාස 03ක් ගතවී තිබුණා. ඒ අනුව ඊට අදාළ පෙහොර තොග ලැබීමට නියමිතව වන්නේ, 2013 ජුනි, ජූලි සහ අගෝස්තු මාසවලදීයි. මෙහි විශේෂත්වය වන්නේ, මේ කන්නයට අවශ්‍ය මඩ පොහොර (ටී.එස්.පී.)ජූලි මාසය තුළ ලංකාවට ළඟාවීමයි. සැබැවින්ම මේ වන විට ඒවා අවශ්‍ය කල් පසුවී අවසන්. 

රටේ කෘෂිකර්මය, ගොවිජන කටයුතු පිළිබඳ ප‍්‍රතිපත්ති හා සැලසුම් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් විද්‍යානුකූල පදනමකින් සකස් කළ යුතු වුවද මේ වන විට රාජකාරි පවරාගෙන ඇත්තේ මුදල් අමාත්‍යාංශයයි. එසේම කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කිසිදු වගකීමකින් තොරව ඒවා ක‍්‍රියාත්මක කරමින් සිටීම කණගාටුදායකයි. 2013/2014 මහ කන්නය සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ මත සිදු කරනු ලැබ ඇති පොහොර ඇස්තමේන්තු කප්පාදුව මෙසේයි. 2012/13 මහ කන්නයට සාපේක්ෂව යුරියා 35%කිනුත් ටී.එස්.පී. 58%කිනුත් එම්. ඕ.පී. 29%කිනුත් ආදී වශයෙන් සමස්තයක් ලෙස පොහොර ප‍්‍රමාණයෙන් 39%කින් කප්පාදු කරනු ලැබ තිබෙනවා. 

මීට අමතරව ප‍්‍රධාන වශයෙන්ම පෞද්ගලික පොහොර සමාගම් මගින් පවත්වාගෙන යන, වී නොවන භෝග සඳහා වූ පොහොර සැපයුමටද බාධා එල්ලවී තිබෙනවා. මේ සහනාධාර ක‍්‍රමය යටතේ අමිශ‍්‍ර පොහොර කි.ග‍්‍රෑ.50ක මිටියක් රුපියල් 1200කටත් මිශ‍්‍ර පොහොර මිටියක් රුපියල් 1300කටත් ගොවීන් වෙත ලබා දෙමින් තිබුණා. මේ වෙනුවෙන් රජය විසින් එම සමාගම් වෙත ගෙවිය යුතු මුදල බිලියන 09 ඉක්මවා තිබෙනවා. මෙම මුදල් මාස 06ක් තුළ ගෙවීමට රජය එකඟවී තිබුණද බොහෝවිට වසරකට වැඩි කාලයක් ගතවීම නිසා එම සමාගම් පොහොර ගෙන්වීම අත්හිටුවා හෝ ප‍්‍රමාද කරමින් සිටිනවා. 

2013 ජුනි මාසයේ මුදල් අමාත්‍යාංශය විසින් පොහොර ආනයන සමාගම්වලට කෝටා ක‍්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මේ මුළු පොහොර කෝටාව මෙ.ටො. 375,000ක් වෙනවා. මේ වසර සඳහා කෝටා ලබාගත් සමහර සමාගම් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රායෝගිකව ගොවීන්ට පොහොර බෙදාහැරීම් නොකරන ඒවායි. ඇතැම් සමාගම් මේ වන විටත් අදාළ ව්‍යාපාරික කටයුතුවලින් ඉවත්වී තම සමාගම් වසා දමමින් සිටිනවා. මේ තත්වය තුළ ඒවා විසින් ලබාගන්නා ලද කෝටා ප‍්‍රමාණයන්ට අදාළ පොහොර මෙරටට ළඟා නොවනු ඇති. කෝට වෙන්කර දී ඇති බැවින් වෙනත් කිසිවෙකුටද එම පොහොර ප‍්‍රමාණය ආනයනය කිරීමට ඉඩසැලසෙන්නේ නැහැ. කෝටා ලබාගත් ප‍්‍රධාන සමාගම් වැඩි ප‍්‍රමාණයක් 2013 ජුනි මාසය වන විට ඒවා ගොවීන් වෙත බෙදා හැර අවසන් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ 2013 වසරේ ඉතිරි කාලය සඳහා වී නොවන අනෙකුත් භෝග සඳහා සහනාධාර පොහොර හිඟයක් දැනටමත් උද්ගතවී තිබෙනවා. 

මෙහිලා සැලකිය යුතු තවත් කරුණක් වන්නේ, ලෝක වෙළඳපොළෙහි යූරියා පෙහොර මිල සීඝ්‍ර ලෙස අඩුවී මෙ.ටො. 01ක් එ.ජ. ඩොලර් 325ක් පමණ වී තිබීමයි. එසේ නමුත් පෞද්ගලික සමාගම්වලට මේ වසරේ තුන්වන කාර්තුව වෙනුවෙන් සහනාධාර මුදල් ප‍්‍රතිපූර්ණය කිරීමේදී යූරියා මෙ.ටො. 01ක් එ.ජ. ඩොලර් 450ක් ලෙස සලකා ගෙවීම් කටයුතු කිරීමට මුදල් අමාත්‍යාශය විසින් තීරණය කර තිබෙනවා. මෙය පැහැදිලිව පෙනෙන පරිදි විශාල මහජන මුදල් ප‍්‍රමාණයක් ගසාකෑමකට ලක්විය හැකි පියවරක්ද වනවා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ප‍්‍රශ්නවලට අදාල පිළිතුරු අමාත්‍යවරයා විසින් මෙම සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා. 

1. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පොහොර ආනයනය සැලැස්ම සංශෝධනය කිරීමට තීරණය කරන ලද්දේ කවර විද්‍යාත්මක නිර්ණායක උපයෝගී කරගනිමින්ද? 

2. මුදල් අමාත්‍යාංශය විසින් පොහොර ආනයනය කප්පාදු කිරීමට නිර්දේශ කිරීමේදී සලකා බලා ඇති නිර්ණයක කවරේද? 

3. පෙබරවාරි සහ මාර්තු මාසවලදී සිදුකළ යුතු වූ ණයවර ලිපි විවෘත කිරීම ජුනි මාසය දක්වා කල්යාමට හේතු කවරේද? 

4. 2013 වර්ෂය සඳහා කෝටාවලට නියමිත පොහොර තොග ලංකාවට අනයනය සහතික කිරීමට ගනු ලබන ක‍්‍රියාමාර්ගය කුමක්ද? 

5. ලෝක වෙළඳපොළේ පොහොර මිල ගණන් වෙනස්වීමට අනුව සමාගම් වෙත සහනාධාර ප‍්‍රතිපූර්ණ කිරීමේ ක‍්‍රමවේදයක් සැකසිය නොහැක්කේ මන්ද? 

6. පොහොර හිඟය සහ ප‍්‍රමාදය හේතුවෙන් ගොවීන්ගේ අස්වැන්නට ඇතිවන අහිතකර බලපෑමට වගකීම භාරගන්නේ කවුරුන් විසින්ද? අස්වනු හානිවී ඇත්නම් ගොවීන්ට හානි පූර්ණ වන්දි ප‍්‍රදානයක් සිදුවනු ඇත්ද? 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword