
පෙරේදා (සිකුරාදා) එම කාර්යාලයට ලැබුණු ලිපියකින් මෙම තර්ජනාත්මක පණිවිඩය ලැබී ඇති අතර ඒ අනුව ඉන්දීය පොලීසිය ලිපිය තැපැල් කළ පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන බව සඳහන් කර තැපැල්පතක එම පණිවිඩය එවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා චෙන්නායි පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ස්ථානාධිපතිවරයෙකු, ඇතුළුව අවම නිලධාරීන් 35 දෙනෙකු එම ස්ථානයේ ආරක්ෂාවට යොදා ඇතැයි ද එම වාර්තාවල දැක්වෙයි.
පසුගියදා ඉන්දියාවේ බුද්ධගයා විහාරය ආශ්‍රිතව ද බෝම්බ වැලක් පුපුරා ගිය අතර ඉන් හිමිනමක් ඇතුළු දෙදෙනෙකු තුවාල ලැබීය.
මෙම සිද්ධියත් සමග බුද්ධගයාව ආශ්‍රිත ප්‍රදේශයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ඉන්දීය රජය ක්‍රියාත්මක කර තිබේ.
Post a Comment