Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ත්‍රස්තයා අනතුර ඇඟවුයේ කාටද....?ඉන්දියාවේ බුද්ධගයා මහ බෝධි විහාරය ආසන්නයේ අද (07) උදෑසන සිදුවු බෝම්බ පිපුරුම් මාලාවකින් පසු එම ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර තිබේ. එය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට ඉන්දීය රජය ද නිල වශයෙන් තහවුර කර ඇත. සිද්ධිය ගැන ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂණයක් පවත්වන අතර ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ ගැන සොයාබලන ලෙසට දිල්ලි හි ඉන්දීය මහ කොමසාරිස්වරයාට දන්වා තිබේ. බෝම්බ පිපුරුමෙන් පසු එම ස්ථානයට පැමිණි ඉන්දීය ආරක්ෂක අංශ පොලිස් සුනඛයින්ගේ ද සහයෙන් පරීක්ෂණ ඇරඹීය. 

බෝම්බ පිපුරුම් 6ක් පමණ සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් බෞද්ධ හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා ඇත. අදාළ හිමිනම ටිබෙට් ජාතිකයෙකු වන බව වාර්තා වේ.ඉන්දීය බලධාරීන් පවසන්නේ පිපුරුම්වලින් බුද්ධගයා විහාරස්ථානයේ ගොඩනැගිලිවලට හානී සිදුව නොමැති බවයි.පුපුරාගිය බෝම්බ ප්‍රබලතාවයෙන් අඩු බෝම්බ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.ඔහු සඳහන් කළේ තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි.මේ ගැන ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සොයා බලන බවද හෙතෙම කීවේය. 

මේ අතර මෙම ප්‍රහාරය බෞද්ධයින් හා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් ඉලක්ක කර සිදුකළ එකක් නොවන බව ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලාංකික මහකොමසාරිස්වරයා පවසන්නේ යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ත්‍රස්තයා අනතුර ඇඟවුයේ කාටද....?

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword