අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව කළ තීරණය කල්තැබීමට එකඟවූ බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
අද රාත්‍රීයේ දුම්රිය වෘත්තීය සමිති නායකයින් සමග පැවති සාකච්ඡාවකදී හෙට ප.ව 2.30 ට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමටත්, එතෙක් වර්ජනය අත්හිටුවීමටත් තීරණයවී ඇති බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා අද දෙරණට කියා සිටියේය.

කෙසේ වෙතත් මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ වැඩවර්ජනය අත්හිටුවන ලෙස අමාත්‍යංශ බලධාරීන් විසින් ඉල්ලීමක් කළද තමන් එකී ඉල්ලීමට එකඟ නොවූ බවයි. ඒ අනුව දුම්රිය සේවක වැඩවර්ජනය නියම කර ගත් පරිදි පැවැත්වෙන බව එම ප්‍රකාශකයා අවධාරණය කළේය.
වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වැර්ජනය ක්‍රියාත්මක කරන බවත්,දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුවට සම්බන්ධ වෘත්තීය සමිති 11 ක් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
Post a Comment