
හලාවත, රිදීවැල්ල ප්‍රදේශයෙන් මසුන් ඇල්ලීමට මුහුදු ගිය බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු දිවිගලවාගෙන තිබේ.
ගොඩබිමට පැමිණෙන අවස්ථවේ දී බෝට්ටුව පෙරළී අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
එහිදී එක් පුද්ගලයෙක් ගොඩබිමට පිහිනා දිවි බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා දියේ ගිළී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ 56 හැවිරිදි හලාවත, රිදීවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මළ සිරුර හලාවත රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. මේ අතර කල්පිටිය පල්ලියවත්ත කළපු තීරයේ බහුදින ධීවර යාත්‍රාවක සේවය කරමින් සිටි පුද්ගලයෙකු කළපුවට වැටී අතුරුදන්ව තිබේ.
අතුරුදන්ව ඇත්තේ 46 හැවිරිදි මීගමුව, තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සහ නාවික හමුදාව එක්ව අතුරුදන්වූ පුද්ගලයා සෙවීමේ කටයුතු ආරම්භ කර ඇත.
Post a Comment