Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

වාස්ගේ පුතත් අත්අඩංගුවට ගන්න ඕනෑ - සහකාර පොලිස් අධිකාරීවරයා කියයිබම්බලපිටියේ ව්‍යාපාරිකයෙකුගේ ඝාතනයට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිදු ගුණවර්ධන මහතාද එකී අපරාධයේ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව රවිඳු ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගත යුතුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ. 

බම්බලපිටියේදී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවකු වන හිටපු නියොජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද (09) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම්. සහබ්දීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 වන දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දක්වමින් සහකාර පොලිස් අධිකාරීවරයා පෙන්වාදී ඇත්තේ සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා කිහිපයකදීම තමන් ඇතුළු නිලධාරීන් සැකකරුගේ නිවසට ගියත් එහිදී විවිධ බාධාකිරීම් වලට ලක්වෙන්නට සිදුවූ බවයි. 

බම්බලපිටියේ 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වූ මොහොමඩ් සියාම් නැමැත්තා පසුගිය මැයි මස 22දා පැහැරගෙන ගොස් දොම්පේ ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරිම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරන ලදී. 

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුද, පසුව වාස් ගුණවර්ධන මහතා ද අත්අඩංගුවට ගන්නා ලදී.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword