
වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා විසින් නවගත්තේගම ජාතික පාසලේදී දණ ගැස්වූ බව කියන සුසිලා හේරත් ගුරුවරිය විසින් ආණමඩුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එකී හිටපු මන්ත්‍රීවරයා ප්‍රදේශයේ පැවැත්වෙන ජනහමු අමතමින් සිදුකර ඇතැයි කියන තර්ජනාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් එම ගුරුවරිය ආණමඩුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ ඇප මත සිටින හිටපු මන්ත්‍රීවරයා ඇප කොන්දේසී පවා කඩ කරමින් එම ගුරුවරිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ වේදිකාවල සිදුකරන ප්‍රකාශ නොසලකා හැරිය නොහැකි බව ස්ටාලින් මහතා කීවේය.
මේ නිසා එම ගුරුවරිය විසින් ආණමඩුව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත් ආනන්ද සරත් කුමාරට නාම යෝජනා ලැබුණහොත් විපක්ෂයේ මැතිවරණ වේදිකාවට නගින බවට ගුරුවරිය ප්‍රකාශයක් කර ඇතැයි ආනන්ද කියන්නේ අමූලික බොරුවක් බවද ස්ටාලින් මහතා පැවසීය.
කෙසේ හෝ මෙම හිටපු මන්ත්‍රීවරයාගේ වත්මන් ක්‍රියාකලාපය ගුරුවරියගේ ජීවිතයට තර්ජනයක් බවත් නාමයෝජනා ලැබුණහොත් ඔහුගේ ක්‍රියාවන් මීටත් වඩා වෙනස් විය හැකි බැවින් ඒ ගැන අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව ඔහු වැඩිදුරටත් කීවේය.
මෙම හිටපු මන්ත්‍රීවරයා වයඹ පළාත් සභා මැතිවරණයට තරග කිරීමට ඉකුත් දිනක ශ්‍රීලනීප නාම යෝජනා මණ්ඩලය හමුවේද පෙනී සිටියේය.
Post a Comment