Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

යකඩ පොලු ප්‍රහාරයෙන් අයෙක් මරුට යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

ඊයේ (21) වැනි දින රාත්‍රී 9.30 ට පමණ මෙම පහර දීම සිදු කර ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි. 

වයික්කාල - සින්දාත්‍රිය පදිංචිව සිටි වර්ණකුලසුරිය ජෝෂප් ප්‍රැන්සිස් ප්‍රනාන්දු (46) නම් අයෙකු මෙලෙස මියගොස් ඇත බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. 

මියගොස් ඇති අයගේ නිවස ආසන්නයේ සිටි අසල්වැසියෙකු විසින් මෙම පහර දීම සිදු කර ඇති බව මුලික විමර්ශන වලදී හෙළි වී තිබේ. 

සිද්ධියෙන් තුවාල ලැබු පහරකෑමට ලක්වු අය මීගමුව මහා රෝහල වෙත ඇතුළත් කළත් ඔහු බාහිර ප්‍රතිකාර අංශයේදී මියගොස් තිබුණි. 

මෙම ඝාතනය කුමන හේතුවක් මත සිදුකළාද යන්න මෙතෙක් අනාවණය වී නොමැති බව පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword