Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ලංකාව තුළ පූර්ණ බලය විමධ්‍යගත කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පවසයි.

ව්‍යවස්ථානුකූලව පළාත් සභාවලට ලබාදී ඇති බලතල ශක්තිමත් කළ යුතු බව ඔහු පෙන්වාදෙයි. 

ලංකාවේ පූර්ණ බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළක් ඕනෑ- කුර්ෂිඩ් බැසිල්ට කියයිඉන්දියාවේ සංචාරයක නිරත ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මෙම අදහස් පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ගෙන ඇති තිරණය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කර ඇත. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය ශක්තිමත් කරමින් පූර්ණ බලය විමධ්‍යගත කිරිමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ යුතු බව මෙහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා තිබේ. 

කිසිදු ආකාරයකින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සතු බලතල අඩු කිරීමට පියවර නොගත යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
මේ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ ජාතික ප්‍රශ්නයට විසදුම් සෙවීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට සියලු පක්ෂ සහභාගී විය යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා පවසා ඇත. 

එසේම 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හටගෙන ඇති දේශපාලන ගැටලු පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ බව බී.බී.සී ලෝක සේවය වෙත අදහස් දක්වමින් ඉන්දීයාවේ ශ්‍රි ලංකා තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා පවසා තිබේ.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword