
මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා මහතා එම අමාත්‍යංශයේ ලේකම් එස්.එස්. මියනවල මහතා සහ පාරිසරික සහ ස්වභාවික සම්පත් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යන පුද්ගලයින් නම් කර තිබේ.
රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අල්කඩුව වැවිලි සමාගම යන ආයතනවල සේවකයින්ගේ අර්ථසාධක අරමුදල්, පාරිතෝෂිත මුදල්, සේවා නියුක්තිකයින්ගේ අරමුදල් වශයෙන් ගෙවීමට ඇති හිඟ මුදල් උපයා ගැනීම සඳහා මෙලෙස ගස් කපා විකිණීමට තීරණය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙයි. එම අමාත්‍යංශය තමන්ගේ බැඳියාවන් පියවා ගැනීමට නොහැකි නම් ඔවුන් කළ යුත්තේ ස්වාභාවික පරිසරය විනාශ කිරීම නොව තම අමාත්‍යංශය යටතේ පාඩු ලබන ආයතනවලට සුදුසුකම් ඇති පුද්ගලයින් පරිපාලනය සඳහා යොදවන ලෙසද එහි සඳහන් කර තිබේ.
මෙලෙස මාතලේ, නුවරඑළිය, මහනුවර යන ප්‍රදේශවලින් ගස් 67.132 ක් කපා දැමීමට එම අමාත්‍යංශය තීරණය කර ඇත.
මධ්‍යම කඳුකරයේ දැඩි බෑවුම් සහිත ප්‍රදේශවල පස ආරක්ෂා කරනු ලබන එම ගස් නිලධාරීන්ගේ නොහැකියාව හමුවේ විනාශ කර දැමීම ඛෙදජනක සිද්ධියක් බවත්,එම ගස් කපා දැමීම මගින් උස බෑවුම් සහිත මෙම කඳුකරයේ වීශාල භූමි ප්‍රමාණයක් නිරාවරණය වීමට සිදු වන බවද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
Post a Comment