Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

ආණ්ඩුවෙන් ජනතාවට අවශ්‍ය දේ නෑ - කොමිස් ගැසිය හැකි ව්‍යාපෘති පමණයිආණ්ඩුව වයඹ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ දරනු ලබන්නේ ජාතිවාදය වපුරමින් හා කළු සල්ලි වීසි කරන ජාවාරම්කරුවන් පෙරටුකරගෙන බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 

එතනෝල් ගෙන්වන මත්පැන් ජාවාරම් කරන උදවිය මෙම මැතිවරණයට මුදල් වියදම් කරන්නටත් , තම පවුලේ උදවිය මැතිවරණයට ඉදිරිපත් කරන්නටත් කටයුතු කරමින් සිටින බව හෙතෙම කියා සිටියේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මෙවරත් ජනතාවට කොළේ වසමින් කරන්නට යන සංදර්ශන පිළිබඳ ජනතාව දැනගත යුතු බවත්, ජනතාව දැනුවත් කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස තමන්ටද වගකීමක් ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. අද මැරකම, ජඩකම, හොරකම, දූෂණය පිරිලා තියෙද්දී ආණ්ඩුව මේ හැමදෙයක්ම කඩතුරාවට මුවා කරන බවත්, ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති කරන්නේ ජනතාවගේ ප්‍රමුඛත්වය සලකා නොවන බවත් ඔහු සඳහන් කළේය.

රටේ සාමාන්‍ය ජනයාට තුන්වේල කන්න බැරුව සිටිද්දී, ලෙඩකට රෝහලෙන් බෙහෙත් ටිකක් ගන්න බැරිව තියෙද්දි, ආණ්ඩුව බාල බෙහෙත් ගෙන්වන බවත් , බෙහෙත් හිඟයට හෝ පිළියම් නොයොදන බවත් මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

එහෙත් මෙලෙස ජනතාවගේ අත්‍යවශ්‍ය දේවල් ඉටු නොකොට මහා පරිමාණයෙන් කොමිස් ගහන්නට හැකි ව්‍යාපෘති පමණක් ආණ්ඩුව විසින් දියත් කරන බව කාරියවසම් මහතා පෙන්වාදුන්නේය.

වත්මන් රජයට ජාත්‍යන්තර ප්‍රජාව හරියාකාරව හසුරවා ගන්න නොහැකිවී ඇති බවත්, ජනාධිපතිවරයා සංචාරය කරනු ලබන්නේ ටැන්සානියාවට උගන්ඩාවට හෝ අප්‍රිකානු රටවලට පමණක් බවත්, යුරෝපීය රටවල් එහිදී අතහැරී ඇති බවත් ඔහු පැවසුවේය.

එවැනි රටවල් ලංකාවටත් වඩා පහල ජීවන තත්ත්වයක් පවත්වාගෙන යද්දී ඒවායේ සංචාරය කරමින් ළඟා කරගත හැකි ආර්ථික ඉලක්ක හෝ විදේශ වාසි මොනවාද යන්න පක්ෂය ලෙස තමන් විමසා සිටින බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ අවසාන කාලය එළඹීමට පෙර ලෝකයේ සංචාරය කිරීමට උත්සාහ කරනවාද යන්න තමන් නොදන්නා බව හෙතෙම කියා සිටියේය.

ආණ්ඩුවේ දූෂණයට, ජඩකමට, හොරකමට පිළිතුරක් දිය හැකි හොඳම අවස්ථාවක් ලෙස මෙම වයඹ මැතිවරණය සැලකිය යුතු බවත්, ආණ්ඩුව වැරදියි කියන දේ ආණ්ඩුව‍ට පෙන්වන්නට මෙම මැතිවරණය අවස්ථාවක් කරගත යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword