අද අලුයම සිට පැවැති මහ වරුෂාව හා දැඩි සුළඟ නිසා කොළඹ ජාතික රෝහල අවට ඇතුළු මාර්ග කිහිපයක ගස්වල අතු කඩා වැටීම් වාර්තා විය. මේ නිසා ගිලන් රථ ඇතුළු වාහන රැසකට අලාභ හානි සිදුවූ අතරම ගමනා ගමන කටයුතුවලට ද ඉන් බාධා සිදුවිණ. නාරාහෙන්පිටදී ගසක් කඩා වැටීමෙන් යතුරු පැදිකරුවෙකු ද මරුමුවට පත්විය. මේ සුළඟ නිසා කොළඹ ජාතික රෝහලට අවට ප්‍රදේශයට සිදුව තිබූ හානියයි.

Post a Comment