Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

කුසගින්න ගැනත් සහනාධාර ගැනත් ඝෝෂා කළ විපක්ෂයට සටන්පාඨ අතහැරීමට වෙලාඋපන් රටට ද්‍රෝහි වීම හෝ වෛර කිරීම කිසිවෙකු විසින් හෝ නොකළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

සියවස් ගණනාවකින් අනතුරුව ගොඩනැගෙන රට අවුල් නොකොට ඊට සහය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 

දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතීන් සමඟ අද රට එකම වැඩබිමක් බවට පත්ව ඇති බව පෙන්වාදෙන ජනාධිපතිවරයා මෙරට ආසියාවේ ආශ්චර්යයක් බවට පත්වීම තවදුරටත් හීනයක් නොවන බව ද සඳහන් කළේය. 

බියගම, පට්ටිවිල ජලපවිත්‍රාගාරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ සිදුකරන සංවර්ධනය හේතුවෙන් කුසගින්න පිළිබඳවත් සහනාධාර පිළිබඳවත් ඝෝෂා කළ විපක්ෂයට මේවන විට එම සටන්පාඨ අත්හැරීමට සිදුව ඇති බවයි. 

ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද යුතුකම වන්නේ අනාගත පරපුර වෙනුවෙන් රට සංවර්ධනය කිරීමට දායක වීම බව ජනාධිපතිවරයා සඳහන් කළේය. 

බස්නාහිර පළාතේ දස ලක්ෂයක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලමින් ඉදිකරන ලද බියගම ජල පවිත්‍රාගාරය සඳහා වැය කර ඇති මුදල රුපියල් දසලක්ෂ 10,150කි.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword