බුද්ධගයාවේ මහා බෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ඒ බව සඳහන් කරමින් අද (10) බොදුබල සේනා හා රාවණා බලය යන සංවිධාන විසින් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදෙන්නට පැමිණියද කොමසාරිස් කාර්යාලයේ දොරටුව ඔවුන් වෙනුවෙන් විවෘත නොවිණි. ඒ අනුව අදාළ සංදේශය ඉදිරිපස බිත්තියේ අළවා ආපසු හැරෙන්නට ඔවුන්ට සිදුවිය. කෙසේ වෙතත් මේ එකී අවස්ථාවයි.

Post a Comment