Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

 මැතිවරණය පවත්වයිද සැකයි - එල්.ටී.ටී.ඊ කතා කීම පිස්සුවක්උතුරේ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානම් බවක් පෙන්නුවද ආණ්ඩුව විසින් එය ස්ථිර වශයෙන්ම පවත්වාවිද යන්න පිළිබඳ තමන් තුළ සැකයක් පවතින බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධූර අපේක්ෂක සී.වී විග්නේශ්වරන් මහතා පවසයි. 

මේ වන විටත් මැතිවරණයට එරෙහිව ‍අධිකරණයට පෙත්සමක් ඉදිරිපත්වී ඇති බව විග්නේශ්වරන් මහතා අද දෙරණට කියා සිටියේය. 

මේවන විට උතුරු ප්‍රදේශයේ සම්පූර්ණ බලය ආරක්ෂක හමුදා හා රාජ්‍ය නිලධාරීන් හරහා ආණ්ඩුව විසින් තරකරගෙන සිටින බවත් , මැතිවරණයක් පැවැත්වීමෙන් එකී බලය මඳ වශයෙන් හෝ අඩුකර ගැනීමට ආණ්ඩුව කැමැත්තක් දක්වනු ඇතැයි තමා නොසිතන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

විශේෂයෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බැවින් උතුරේ මැතිවරණයක් ගැන වැඩි වශයෙන් කතා බහ කිරීම සිදුවන බව ප්‍රධාන අමාත්‍ය ධූර අපේක්ෂකයා කියා සිටියේය. ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳ මාස ගණනාවක් තිස්සේ එහි නායකයින් තමන්ගේ කැමැත්ත විමසා සිටි බවත්, මුලදී තමන් ඊට ඒ තරම් කැමැත්තක් නොදැක්වූ නමුත් දිගින් දිගටම කළ ඉල්ලීම් නිසා අවසානයේදී ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය. 

මාවෙයි සේනාධි රාජාගේ නම යෝජනා වී තිබුණේද තමන් නිසි පිළිතුරක් ලබා නොදුන් කාලය තුළදී බවත් , අවසානයේ ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ තමන්ට කැමැත්ත ලබා දුන් බවත්, සේනාධි රාජා මහතාද අවසානයේ පැමිණ තමන්ට ඒ සඳහා ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය. 

ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවලට තිබිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බවත් , ලොව බලය ‍බෙදා ඇති කිසිදු රටක පොලිස් හෝ ඉඩම් බලතල ලබා නොදී නොසිටි බවත් , එසේ නොකොට ජනතාව‍ගේ අයිතිවාසිකම් සුරක්ෂිත නොවන බවත් විග්නේශ්වරන් මහතා එහිදී පෙන්වා දුන්නේය. 

13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනයෙන් සිදුව ඇත්තේ එක් අතකින් බලය ලබාදී අනෙක් අතින් බලය උදුරා ගැනීමක් බවත්, සෑම පළාතකම කටයුතු සිදුවෙද්දී ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍යයවීම නිසා පළාත්වලට මුළුමනින්ම ස්වෛරීය ලෙස ක්‍රියා කළ නොහැකි බවත් ඔහු සිහිපත් කළේය. 

බලය ලබාදුනහොත් රට දෙකඩවිය හැකි බවට අනතුරු ඇඟවීම් කරනු ලබන්නේත් එය විශ්වාස කරනු ලබන්නේත් රටේ ඉතිහාසය ගැන සිංහල ජනතාවට වැඩි තේරුමක් නොමැති නිසා බව විග්නේශ්වරන් මහතා කියා සිටියේය. 

මේ රටේ ඉතිසාහාසය හොඳින් විමසා බලන විට උතුරේ ද්‍රවිඩ මිනිසුන් ජීවත්වන විට පාලි භාෂාව පැමිණ පසුව සිංහල භාෂාව පැමිණ රටේ ප්‍රමුඛත්වයට පත්වූ බව පැහැදිලි වන බවත්, එහෙත් බහුතර සිංහල ප්‍රජාව තාමත් මහාවංශය පමණක් තමාගේ එකම දැනුම ලෙස විශ්වාස කරන බවත් ඔහු පැහැදිලි කළේය. 

රටේ ඉතිහාසය පිළිබඳ ටිකෙන් ටික දැනුමක් ලබන විට මේ ගැටලු මගහැර යා හැකි වුවත් , තමාගේ පටු අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා දේශපාලනඥයින් එලෙස දැනුම ලබාගැනීමට ඇති ඉඩකඩ අහුරා දමන බවත් පෙන්වාදෙන ඔහු කළයුත්තේද දැනුවත්වීම පමණක් බවත් අවධාරණ කළේය. 

ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් සෘජුව පෙනී සිටි බැවින් "විග්නේශ්වරන්" වැනි උගත් බුද්ධිමත් නායකත්වයක් පෙරට දමා පෙර පරිදි තම සැඟවුණු න්‍යාය පත්‍රය පසු පස සිට ක්‍රියාත්මක කිරීමක් ඉදිරියේදී සිදුවිය හැකිදැයි අසන ලද පැනයකට පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මහතා පවසා සිටියේ එවැන්නක් සිදුවිය නොහැකි බවයි. 

එල්.ටී.ටී.ඊ ය සිටියදී පැවති ටී.එන්.ඒ පක්ෂය හා එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කළ පසු ටී.එන්.ඒ යනු එකක් නොව දෙකක් බවත් , එල්.ටී.ටී.ඊ සංවිධානය බලවත්ව සිටියදී ද්‍රවිඩ ජාතික සන්ධානයට වුවද නිදහසේ දේශපාලනය කළ නොහැකිවූ බවත් , එහි නායකයින් කිහිපදෙනකු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කළ බවත් ඔහු සිහිපත් කළේය. 

එල්.ටී.ටී.ඊ ය මුළුමනින්ම පරාජය කළ බවට කියන ආණ්ඩුවම මේ තුළ එල්.ටී.ටී.ඊ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක වන්නේ යැයි සිතීම පිස්සුවක් බවත් , එය හුදෙක් දේශපාලන වාසි වෙනුවෙන් ගොතන ප්‍රලාපයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. 

උතුරේ ප්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයා ලෙස තමාට අවසාන වශයෙන් තම ඡන්ද දායකයන්ටත් පොදුවේ රටේ සියලුම දෙනාටත් ප්‍රකාශ කිරීමට ඇත්තේ තමන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව යැයි විග්නේශ්වරන් මහතා කියා සිටියේය. 

භේද නොවී එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීමෙන් මේ රට ඉදිරියට ගෙනියාමට හැකියාව ලැබෙනු ඇති බවත් , එසේ නොවී දැනට පවත්නා ආකාරයෙන්ම ඉදිරියට කාලය ගතවී ගියහොත් තවත් වසර 10-15 ක කාලයක් යන විට යළිත් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවිය හැකි යයිද හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword