Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

පාසල් යමින් සිටි සිසුවියක් පැහැරගත් තරුණයෙක් දැලේඅද (16) උදෑසන පාසල් යමින් සිටි සිසුවියක් පාසල් නිල ඇදුම පිටින් පැහැර ගෙන පලාගිය බව කියන තරුණයෙකු කුඩා ප්‍රමාණයේ ලොරියක්ද සමග මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අද පෙරවරු 7.00 ට පමණ පැහැර ගැනීම සිදුවී ඇති අතර පෙරවරු 7.45 වන විට සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී ඇති බව අප වාර්තාකරු පවසයි. 

පැහැර ගැනීමට ලක්වු දැරිය මාදම්පේ ප්‍රදේශයේ පාසලක 10 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. 

ඇය සුපුරුදු ලෙස පා පැදියෙන් පාසල වෙත එමින් සිටි ඇති අතර කුඩා ප්‍රමාණයේ ලොරියකින් පැමිණ ඇති සැකකරු දැරිය සහ ඇය ගමන් කරමින් සිටි පා පැදියද තමන් පදවාගෙන පැමිණි ලොරියේ දමා ගෙන පලා ගොස් තිබේ. තම දරුවන් මෙම පාසලටම ඇරලවීම සඳහා යතුරු පැදියකින් පැමිණෙමින් සිටි අයෙකු මෙම සිද්ධිය දැක ඇත. 

පසුව ඔහු පලායමින් සිටි ලොරිය පසුපස හඹා ගොස් තිබේ. 

මේ අතර සිද්ධිය දැන ගත් සිසුවිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා ඇතුළු පිරිස මාදම්පේ පොලීසියට සිද්ධිය දැනුම් දී ඇත. 

ඒ අනුව ක්‍රියාත්මක වී ඇති මාදම්පේ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දැරිවිය පැහැර ගෙන යමින් තිබු ලොරිය මාදම්පේ නගරය ආසන්නයේදී නවතා ගැනීමට සමත්ව තිබේ. 

දැරිවියද ලොරියේ සිට ඇති අතර, ඇයගේ පා පැදියද ලොරියේ තිබී ඇති අතර සැකකරු හලාවත දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword