Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

මහාබෝධි විහාරය ළඟ බෝම්බ වැලක් පුපුරයිඉන්දියාවේ බුද්ධගයා දිස්ත්‍රික්කයේ මහාබෝධි විහාරය ආශ්‍රිතව බෝම්බ කිහිපයක් පුපුරාගොස් තිබේ. 

ඉන්දීය මාධ්‍ය පවසන්නේ එරට වේලාවෙන් අද පෙරවරු 5.15ට පමණ පිපිරීම් සිදුව ඇති බවයි. 

බෝම්බ පිපුරුම් 6ක් පමණ සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් බෞද්ධ හිමිනමක් සහ වන්දනාකරුවෙකු තුවාල ලබා ඇත. 

අදාළ හිමිනම ටිබෙට් ජාතිකයෙකු වන බව වාර්තා වේ. 

ඉන්දීය බලධාරීන් පවසන්නේ පිපුරුම්වලින් බුද්ධගයා විහාරස්ථානයේ ගොඩනැගිලිවලට හානී සිදුව නොමැති බවයි. 

පුපුරාගිය බෝම්බ ප්‍රබලතාවයෙන් අඩු බෝම්බ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා අද දෙරණට ප්‍රකාශ කළේය. 

ඔහු සඳහන් කළේ තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුත් නොමැති බවයි. 

මේ ගැන ඉන්දියාවේ දිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සොයා බලන බවද හෙතෙම කීවේය.

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword