
පුද්ගලයින් 307 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් දකුණු කොරියාවේ සියෝල් නුවරින් ගුවන් ගතවී අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළට ගොඩබස්වන අවස්ථාවේදී එහි ඇති වූ ගින්නකින් දෙදෙනෙකු මියගොස් තවත් 182 දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි මගීන් 291 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් 141ක් චීන ජාතිකයින්ද, 77 ක් දකුණු කොරියානුවන්ද, 61ක් අමෙරිකානු ජාතිකයින්ද වේ.
මීට අමතරව කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ද එහි සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය ගොඩබස්වනවාත් සමග ඇති වූ ගින්නෙන් බේරීම සඳහා මගීන් හදිසි පිටවීමේ දොරටුවලින් බිමට පනින අයුරු ද දක්නට ලැබුණු බව එම වාර්තාවල දැක්වෙයි.
ගුවන් යානයේ සුන්බුන් විශාල ප්‍රමාණයක් ගුවන් පථය ආශ්‍රිතව දැක ගැනීමට හැකිය.
දකුණු කොරියාවේ දෙවන විශාලතම ගුවන් සමාගම වන ආසියානා ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එන්ජින් දෙකකින් ක්‍රියාත්මක වේ.
එය කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවන් දුලභ බවද පැවසෙන අතර සිද්ධියත් සමග සැන්ෆ්‍රැන්සිස්කෝ ගුවන් තොටුපළින් ගුවන් යානා පිටවීම මෙන්ම පැමිණිම ද අත්හිටුවා ඇත.

Post a Comment