
ඩී.සී.ඩී සහ වේප්‍රෝටීන් අඩංගු කිරිපිටි සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කරුණු පිළිබඳ ඉදිරි පියවර ගැනීමට කැබ්නට් අනුකාරක සභාවක් පත් කිරීමට අදාළ යෝජනාවට කැබ්නට් අනුමැතිය හිමිව තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.
අද පස්වරුවේ පැවති කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේදී ඩී.සී.ඩී සහ වේප්‍රෝටීන අඩංගු කිරිපිටි පිළිබඳ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහිදී අමාත්‍යවරයා කීවේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි.
එය සරල පරීක්ෂණයක් නොවන බවත් එය සංකීර්ණ පරීක්ෂණයක් බවත් ඔහු පැවසුවේය.
එහිදී මාධ්‍යවේදීන් යළිත් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කළේ රුසියාව වැනි රටවල් රාජ්‍යතාන්ත්‍රිකව කිරිපිටි ආනයනය නවතා දමා ඇති බවයි.
එහෙත් ශ්‍රී ලංකාව අයි.ටී.අයි ආයතනය මත පදනම්ව තාවකාලිකව මෙය තහනමට ලක්කර ඇති බව මාධ්‍යවේදීන් පෙන්වාදුන්නේය.
ඒ අනුව ආණ්ඩුව කල් මරන බවත් ජනතාවට පිටිකිරි භාවිතය සම්බන්ධයෙන් විසඳුමක් නැති බවත් ඔවුන් පෙන්වාදෙන ලදී.
එහිදී අමාත්‍යවරයා කීවේ කිරි නොබී සිටීම නිසා මිනිහෙකුට මොනවා හරි වුණොත් තමාට කියන ලෙසයි.
එවිට මාධ්‍යවේදීන් යළි විමසා සිටියේ මෙම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තුරු ජනතාවට දියර කිරි පානය කර කර සිටින ලෙසටදැයි රජය කියන්නේ යනුවෙනි.
කිරි බොන්න බැරි නම් මට කිරි පොව පොවා ඉන්න බැරි බවත් කිරි දෙන්න ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ඇති බවත් කෙහෙළි රඹුක්වැල්ල අමාත්‍යවරයා ඊටද පිළිතුරු දෙන ලදී.
එසේම “තමුන්නාසේට මම ඒ වගකීම පුළුවන් නම් භාරදෙන්නම්.. කාගේ හරි කිරි බොන්න” යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
Post a Comment