Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

හමුදා නිලධාරීන් අපේක්ෂකයන්ගේ පොස්ටර් අලවනවාවැලිවේරියේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වන තෙක් වාර්තා රටට හෙළි කර නොමැති බවත්, තමන් දන්නේ එය මනුෂ්‍ය ඝාතනයක් ලෙස බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 

මේ වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වැඩි වෙමින් පවතින බවත්, සමහර පළාත්වල රාජ්‍ය නිලධාරීන් පවා මැතිවරණය සඳහා යොදාගනිමින් සිටින බවත්, හමුදා නිලධාරීන් අපේක්ෂකයන්ගේ පොස්ටර් අලවමින් පවතින බවද ‍ඒ මහතා සඳහන් කළේය. 

අද(30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 

මේ වන විටත් මධ්‍ය පළාතට රජය විසින් කළ සංවර්ධනයක් නොමැති බවත්, 2005 වර්ෂයෙන් පසුව තරුණයින්ට රැකියා ලබා‍දෙන ව්‍යාපෘති නොමැති බවත් හෙතෙම කළේය. 

ඒ සම්බන්ධයෙන් මධ්‍ය පළාතේ ජනතාව එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවට නිසියාකාරයෙන් පිළිතුරු සපයන බවද එහිදී ඔහු පැවසීය. 

මේ වන විට මුල්ගල් තැඩීමේ ව්‍යපෘති ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති බවත්, මහනුවර ප්‍රදේශයේ අලුතින් ගුවන් තොටුපළක් ආරම්භ කිරීම සූදානම් වන බවත් කිරිඇල්ල මහතා අවධාරණය කළේය. 

මේ සඳහා කුණ්ඩසාලේ ප්‍රදේශයේ ඉඩමක් මේ වන විටත් වෙන් කර ඇති බවත් මේ හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ ගෙවල් 3000ක් පමණ ප්‍රදේශවාසීන්ට අහිමි වන බවත් හෙතෙම සඳහන් කළේය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරීස් නව නීදන් පිල්ලේ මහත්මියට මෙරටට ආරධානා කර ඇයට අපහාස කිරීම වැරදි සහගත කටයුත්තක් බව ඔහු ඒ මොහොතේ කියා සිටියේය‍. 

නවනීදන් පිල්ලේ මැතිණියට මෙරටට පැමිණීමට ආරාධනා කළේ නම් එහි වගකීමත් ආණ්ඩුව විසින් භාරගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.‍ 

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword