ඇතිමලේ, ගැමුණුපුර ප්‍රදේශයේ දී තම මව්පියන් සමඟ දියනාමින් සිටි කුඩා දැරියක් දියේ ගිළී මියගොස් තිබේ.
දැරිය රෝහල් ගත කරන විටත් මියගොස් සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ 9 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි දැරියක් බව පොලීසිය සඳහන් කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post a Comment