Gossip Lanka News

gossip lanka , gossiplankanews, gossipnews-Underground News from Sri Lanka original news

Telidramas & Films

Total Pageviews

Editer

Powered by Blogger.

Online

Recent Post

Categories

LinkWithin

Best News

Hot News

*මම පස් දෙනාවම මැරුවේ සල්ලි ටික ගන්නමයි
*පුංචි අම්මාට මුලින්ම මන්නයෙන් ඔළුවට ගැහුවා
*ප‍්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා
*මම බැදලා නෑ. හසලක, මට කෙල්ලෙක් ඉන්නවා
*පවුම් 02ක රත්තරං බඩු ගත්තා
පස් වැනිදා අලූයම 02ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප‍්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා, යැයි අනුරාධපුර විහාරපාළුගම ප‍්‍රදේශයේ පුද්ගලයන් 05 දෙනකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්වී සිටින හිටපු යුද හමුදා සෙබළා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පාපෝච්ඡාරණයක් කරමින් කියා ඇත.

අමානුෂික ලෙස විහාරපාළුගම ප‍්‍රදේශයේ නිවෙසකදී පස් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට පත්වී



ඇත්තේ සේවයෙන් පලා ආ ගැමුණු හේවා බළඇණියේ සාමාන්‍ය සෙබළකු වන සෙබළ අංක 24368 නම්බුකාර ගමගේ ජගත් කුමාර (30) නමැත්තාය. සැකකරු තාවකාලිකව 7 අමුණ, ප‍්‍රදේශයේ විහාරස්ථානයක පදිංචිව සිටින අයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමේ විමර්ශන උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එම්.එස්. කුමාරසේන මහතාට පවරා තිබිණි. ඒ අනුව කුමාරසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් සිදුකර ඝාතනය සිදුකළ තැනැත්තා පැය 12ක් ගතවීමටත් පෙර නිවැරැදි ලෙස හඳුනාගෙන අත්අඩංගුවට ගනු ලැබීය. අනුරාධපුර නිරාවිය ප‍්‍රදේශයේ තරුණයකු ලබාදුන් තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්‍ෂණ ආරම්භ කෙරිණි.

සැකකාර හිටපු යුද හමුදා සෙබළා සිද්ධිය වූ දිනයේ තවත් පිරිසක් සමඟ මත්පැන් පානය කරද්දී තමන්ට අයත්ව තිබූ ත‍්‍රිරෝද රථයක් ලියාපදිංචි නොකොට භාවිත කිරීම සම්බන්ධයෙන් බකමූණ පොලිසියෙන් හිඟුරක්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙන බව එම තරුණයාට පවසා ඇත. එම ස්ථානයේ මත්පැන් පානය කළ තරුණයා මේ බව පොලිසියට පවසා ඇත. ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිසියට පාපෝච්ඡාරණය කළ හිටපු යුද හමුදා සෙබළා ප‍්‍රියන්තයි, ප‍්‍රියන්තගේ අම්මයි හසලක තිබ්බ ඉඩම විකුණලා සල්ලිත් අරගෙන විහාර හල්මිල්ලකුලමේ ඉඩමක් ගන්න ආවේ. බඩු පටවාගෙන ආපු ලොරියේ රියැදුරායි සහායකයයි බඩු ටික බාලා එදින රාත‍්‍රියේ නැවත හසලක බලා යන්න ගියා.

නමුත් මේ මුදල් ටික පැහැර ගැනීමේ අරමුණින් මම අදාළ නිවෙසේ නැවතුණා. නැවතිලා අපි කිහිපදෙනකු එදා රෑ මත්පැන් සාදයක් පැවැත්වූවා. මම අනෙක් අයට නොතේරෙන විදියට මත්පැන් පොඩ්ඩයි බිව්වේ. ඉන් පස්සේ මත්පැන් සාදය අවසන් වී සියලූ දෙනා නින්දට ගියා. මට ලොකු අවශ්‍යතාවක් තිබුණා මේ සල්ලි ටික පැහැර ගන්න. ඒ අනුව මම තීරණය කළා සේරම ටික මරලා සල්ලි ටික අරගෙන පැනලා යනවා කියලා.

මම 05 වැනිදා අලූයම 2ට විතර මුලින්ම සාලේ නිදාගෙන හිටපු ප‍්‍රියන්තගේ පුංචි අම්මා (ඉන්දුමතී) කියන එක්කෙනාට නිවෙසේ කුස්සියේ තිබ්බ මන්නය ගෙනැල්ලා හිසට කොටාගෙන කොටාගෙන ගියා. ඉන් අනතුරුව මගේ මිත‍්‍රයා වන ප‍්‍රියන්තටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඊට පස්සේ ප‍්‍රියන්තගේ අම්මා පේ‍්‍රමවතීටත් මන්නයෙන් කෙටුවා. සුමිත් උදයංගටත් මන්නයෙන් කොටලා පණ තිබ්බ වගේ දැනුණ නිසා සවලකිනුත් ඔළුවට ගැහුවා.

ගහලා යන්න හදනකොට දැනට බරපතළ තුවාල ලබා සිටින පේ‍්‍රමසිරි නිදාගෙන ඉඳලා ඇහැරිලා මගේ කකුලෙන් ඇද්දා. ඔහුටත් මන්නයෙන් කොටාගෙන කොටාගෙන ගියා. ඊට පස්සේ සාලයේ නිදාගෙන හිටපු තක්‍ෂිලාටත් කෙටුවා. පස්සේ නිවෙසේ තිබ්බ රුපියල් දෙලක්‍ෂ හැත්තෑ දහසක මුදල අරගත්තා. පිහිය නිවෙස් පිටුපස සඟවලා ලේ තැවරිලා තිබ්බ මගේ ඇඳුම් සියල්ල ගලවලා ඇඟපත හෝදාගෙන අලූයම 04 විතර වෙනකොට නිවෙසේ නවතා තිබූ කාන්තා පාපැදිය අරගෙන අනුරාධපුර දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේ පිහිටි කොළ කැඳ කඩය අසලට ආවා. එතකොට වෙලාව අලූයම 05ට විතර ඇති. බයිසිකලය නතර කළා. බයිසිකලය නතර කරලා මේක අයිතිකාරයා ආවොත් දෙන්න කියලා එතැන හිටපු කඩේ අක්කට කිව්වා. එතැන නවත්වලා තිබ්බ ත‍්‍රිරෝද රථයක නැඟලා අනුරාධපුර නව නගර බස්නැවතුම්පොළට ආවා. ඇවිල්ලා වව්නියාව බස් එකක නැඟලා රඹෑවෙන් බැහැලා දඹුල්ලට ගියා. දඹුල්ලෙන් බස් එකක නැඟලා හෙට්ටිපොළින් බැස්සා.

බැහැලා හෙට්ටිපොළින් පවුම් 02ක රත්තරං බඩු ගත්තා. බ්‍රේස්ලට් එකකුයි, මුද්දකුයි, චේන් එකකුයි අරගෙන බස් එකක නැඟලා හසලක ගියා. ඉන් අනතුරුව මාව හසලක පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මම විවාහවෙලා නෑ. හසලක ප‍්‍රදේශයේ තරුණියක් සමඟ යාළුවෙලා ඉන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධව ලොරි රථයේ රියැදුරා, එහි සහකරු, මියගිය ඉන්දුමතීගේ සහෝදරයා, නිරාවිය ප‍්‍රදේශයේ තරුණයකු හා විහාර පාළුගම ප‍්‍රදේශයේ ඉඩම් හිමිකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර සැකකාර යුද හමුදා සෙබළා මුලින්ම ඔවුන් මීට සම්බන්ධ බවට ප‍්‍රකාශ කළත් පසුව දීර්ඝ වශයෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් ඝාතනයට සම්බන්ධ නොමැති බවට පාපෝච්ඡාරණය කර තිබිණි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් මුදාහැරිණි. ඔවුන්ට පදිංචි ප‍්‍රදේශයෙන් කිසිදු හිරිහැරයක් නොකරන ලෙස ප‍්‍රදේශවාසීන්ට උපදෙස් ලබාදෙන ලෙස කොට්ඨාස භාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විමර්ශන සිදුකරන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය හමුවට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන තවදුරටත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට නියමිතව තිබිණි.

සැකකරු ඝාතනයට යොදාගත් මන්න පිහියක්, සවලක්, ලේ තැවැරුණු ඇඳුම්, ලේ තැවැරුණු පාපැදියක්, ජංගම දුරකතන දෙකක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු සියලූ දෙනාටම දරුණු ලෙස මන්න පිහියෙන් කොටා තිබූ බවත් පිහියෙන් කෙටීම නිසා සිරුරේ අභ්‍යන්තරයට හානි සිදුවී අධික ලෙස රුධිරය වහනය වී සිදුවූ මරණ බවට පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත් වූ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එල්. වෛද්‍යරත්න මහතා නිගමනය කර තිබිණි.



එම ඝාතන වල වීඩියෝ දර්ශන

0 comments

Post a Comment

Adword

Untitled Document 14

Gallery

Facebook

Live Tv Channel

Adword